තවත්
    මුල් පිටුවCOVIDචීන එන්නත් මිලියන 3ක් මාස දෙකක් ඇතුළත ලංකාවට

    චීන එන්නත් මිලියන 3ක් මාස දෙකක් ඇතුළත ලංකාවට

    ශ්‍රි ලංකා රජය විසින් මිලට ගන්නා සයිනොෆාම් එන්නත් මිලියන තුනක් මාස දෙකක කාලයක් තුළ මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසයි.

    ක්ෂේත්‍ර නිලධාරින් සහ අත්‍යවශ්‍ය සේවාවල නිරත රාජ්‍ය සේවා වෘත්තිය සමිති සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී ලලිත් වීරතුංග මහතා මේ බව අවධාරණය කළේය.

    සයිනොෆාම් එන්නත පළමුව ලක්ෂ තුනක් ලැබුණු බවත් එය චීන රජය විසින් ලක්ෂ 6 දක්වා වැඩි කළ බව පැවසූ ලලිත් වීරතුංග මහතා අතිගරු ජනාධිපතිතුමත්, ගරු අග්‍රාමාත්‍යතුමත් කරන ලද ද්විපාර්ශික සාකච්ඡා මත ඔවුන් තවත් ලක්ෂ 5ක් ප්‍රදානය කළ බව කියා සිටියේය.

    දැනට ලැබුණු සයිනොෆාම් එන්නත් ලක්ෂ 11ම නොමිලේ ප්‍රදානයන් ලෙස ලැබුණු බව කියා සිටි ලලිත් වීරතුංග මහතා චීනයෙන් තවත් එන්නත් මිලියන 3ක් මිලට ගැනීමට බලාපොරොත්තු වෙන බව හෙළි කළේය.

    ඒ අනුව අදාළ ඇණවුමෙන් මේ මාසය ඇතුළත මිලියන 2ක් හෝ ඊළඟ මාසයේ තවත් මිලියනයක් ලෙස මෙරටට එන්නත් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ලලිත් වීරතුංග මහතා පෙන්වා දුන්නේය.

    එන්නත් ලබා ගැනීමට රජයට මුදල් නෑ කියන වැරදි මතය සම්පූර්ණයෙන්ම බැහැර කිරීමට අවශ්‍ය බව කී ලලිත් වීරතුංග මහතා ඉදිරියටත් එන්නත් මිලට ගැනීම පිළිබඳ කිසිම සැකයක් නැහැ යැයි කීවේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img