fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට

    මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට

    මොරටුව ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහනක දී කලහකාරී ලෙස හැසිරෙමින් මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ලවූ මොරටුව නගරාධිපති සමන් ලාල්ර ප්‍රනාන්දු මහතා ගල්කිස්ස පොලිස් අධිකාරී කාර්යාලය වෙත අද (28) පෙරවරුවේ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

    තමා විසින් බෙදාදුන් නිල මුද්‍රාව සහිත තුන්ඩු කැබැල්ලක් රැගෙන පැමිණෙන අයට පමණක් එන්නත් කරන්නැයි කියමින් ඔහු කලහාකාරී ලෙස හැසිරී ඇත්තේ ඊයේ (28) ය. එම තත්වය පාලනය කිරීමට පොලීසියට දැඩි වෙහෛසක් ගැනීමට ද සිදුවිය.. එම අවස්ථාවේදී එම ස්ථානයේ සිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරියක් බලධාරීන්ට දුරකතනයෙන් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙමින් නගරාධිපතිවරයා සිය රාජකාරියට බාධාකරන බවට පැමිණිල්ලක්ද කළාය.

    එම පැමිණිල්ලට අනුව පොලීසිය ඒ මොහොතේ නිසි පියවරක් ගත් බවක් පොනෙන්නට නොවීය. එහෙත් පොලිස් මූලස්ථානය කළ දැනුම් දීමකට අනුව මොරටුමුල්ල පොලීසියේ නිලධාරියෙක් ඊයේ (28) රාත්‍රිෙය් වෛද්‍යවරියගේ නිවසට ගොස් ඇගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් නගරාධිපතිවරයාට එරෙහිව පැමිණිල්ලක් සටහන්කරගෙන තිබේ. අනතුරුව බස්නාහිර පළාතත් දකුණු දිසා නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මකවන පොලිස් කණ්ඩායමක් නගරාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමට රාත්‍රීයේම ඔහු පදිංචි නිවසට ගොස් ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ පෙපාලීසිය පැමිණීමට සුළු මොහොතකට පෙර නගරාධිපතිවරයා ගිලන් රථයක් සිය නනිවසට ගෙන්වාගෙන එහහි නැගී පිටව ගොස් ඇති බවය.

    නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා අද උදෑසන ගල්කිස්ස පොලිස් අධිකාරී කාර්යාලවෙත පැමිණ භාරවී ඇත්තේ දිගින් දිගටම පොලීසිය ඔහු යන එන තැන් පරීක්ෂා කිරීමට පටන් ගැනීමත් සමගිනි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.