Home උණුසුම් පුවත් ඩාලි නැව කොළඹට ගෙනඑමින් තිබූ අන්තරායකර ද්‍රව්‍ය ගැන රජයෙන් වහාම පරීක්ෂණයක් (📹)

ඩාලි නැව කොළඹට ගෙනඑමින් තිබූ අන්තරායකර ද්‍රව්‍ය ගැන රජයෙන් වහාම පරීක්ෂණයක් (📹)

ඩාලි නැව කොළඹට ගෙනඑමින් තිබූ අන්තරායකර ද්‍රව්‍ය ගැන රජයෙන් වහාම පරීක්ෂණයක් (📹)

කොළඹ වරායට එමින් සිටියදී ඇමෙරිකාවේ බැල්ටිමෝර් පාලම කඩාබිඳදමමින් අනතුරට ලක්වූ ඩාලි භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අන්තරායක ද්‍රව්‍ය ටොන් 764ක් රැගෙන එමින් තිබීම පිළිබඳ ශ්‍රී ලංකා රජයෙන් වහාම පරීක්ෂණයක් අරඹා තිබේ.

පරිසර සහ පළාත් සභා, පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජාතක වක්කුඹුර මහතා පැවසුවේ මෙම අන්තරායකර ද්‍රව්‍ය අඩංගු බහලුම් සම්බන්ධයෙන් මේ වනවිට මධ්‍යම පරිසර අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම මෙරට රේගුවට සහ වරායට ඒ පිළිබඳ වහාම පරීක්ෂණ පවත්වා පරිසර අමාතයාංශයට වාර්තා කරන ලෙස දැනුම් දී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

“මධ්‍යම පරිසර අධිකාරිය මේ ගැන දැනන් ඉඳලා නෑ. ඇත්ත මේ නැව හැප්පුණු නිසා තමයි තිබ්බ දේවල් ගැන දැනගන්න ලැබුණේ.” යැයි රජයේ පාර්ශ්වයෙන් පිළිතුරු ලබාදෙමින් ජානක වක්කුඹුර මහතා මෙලෙස කියාසිටියේ අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මන්ත්‍රී චරිත හේරත් මහතා විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මෙම නැව කොළඹ වරායට ගෙනඒමේ මෙරට නියෝජිතවරයා පිළිබඳ මන්ත්‍රී චරිත හේරත් මහතා අද පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය කළේ මෙසේ ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්, මෙවැනි දෑ සිදුවීමට හේතුවන නීතියේ හිඩැස් වසාදැමීමට කටයුකු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමින් ඒ පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වූයේ මෙසේය.

මාර්තු 26 වැනිදා ඇමෙරිකාවේ බැල්ටිමෝර් පාලම මත කඩා වැටුණු සිංගප්පූරු භාණ්ඩ ප්‍රවාහන නෞකාව වන ඩාලි නෞකාව මඟින් ශ්‍රී ලංකාව වෙත අන්තරායක ද්‍රව්‍ය ටොන් 764ක් රැගෙන ආ බවට ඇමෙරිකානු රජයේ බලධාරීන් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

එහි බහලුම් 4700ක් තිබූ බවත් ඒ අතරින් 56ක පුපුරණ ද්‍රව්‍ය, ලිතියම් අයන් බැටරි, ගිණිගන්නා ද්‍රව්‍ය ආදී අන්තරායක ද්‍රව්‍ය සහ 9 වැනි කාණ්ඩයේ හෙවත් දැඩි අන්තරායක ද්‍රව්‍ය තිබූ බවත් අනෙකුත් බහලුම් 4644 තුළ තිබූ දෑ සම්බන්ධයෙන් විශ්ලේෂණය කරමින් සිටින බවත් එම වාර්තාවල දැක්විණ.

සබැඳි පුවත්
ශ්‍රී ලංකාවට එන අ‍තරේ පාලමකට කඩාවැදුණු නැවේ අන්තරායකර ද්‍රව්‍ය බහලුම් තිබිලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here