Home උණුසුම් පුවත් මැදින් පොහොය අදයි

මැදින් පොහොය අදයි

මැදින් පොහොය අදයි

ශ්‍රී සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ හේමන්ත ඍතුවේ පුර පසළොස්වක් පොහෝ දිනය වන මැදින් පුර පසළොස්වක පොහොය අද(24)යි.

ඉන් වැදගත්ම සිදුවීම වන්නේ බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වූ සුද්ධෝදන රජු සහ ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට මහාසංඝයා වහන්සේ සමග කිඹුල්වත්නුවර බලා වැඩම කරවීමයි.

බුදුරජාණන් වහන්සේ විසි දහසක් පමණ වූ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන ස්වකීය උපන්බිම වූ කිඹුල්වත්පුර නුවරට වෙසක් පොහෝ දිනයෙහි සම්ප්‍රාප්ත වීමේ අරමුණින් මැදින් පෝදා ආරම්භ කළ මෙම ගමන නිසා සිදු වූ අනුස්මරණීය සිද්ධීන් ගණනාවක්ම තිබේ.

ඒ අතර ඥාතීන්ගේ මානය බිඳ හෙලීම, යමා මහ පෙළහර පැවැත්වීම, යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීම, ප්‍රථම වතාවට කාන්තාවන් බුදු සසුනේ පැවිදිවීමට අවසර ඉල්ලීම හා සුද්ධෝදන මහරජු මාර්ගඵල ලැබීම යනාදිය ප්‍රමුඛත්වය ගන්නා බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here