Home special යැංසි නදියේ අවුරුදු 10කට මාළු ඇල්ලීම තහනම්

යැංසි නදියේ අවුරුදු 10කට මාළු ඇල්ලීම තහනම්

යැංසි නදියේ අවුරුදු 10කට මාළු ඇල්ලීම තහනම්

 
යැංසි ගංගාවේ දස වසරක මත්ස්‍ය තහනමක් ක්‍රියාවට නැංවීමට අදාළ ව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ. මෙය යැංසි ගංගා ආර්ථික තීරයේ උසස් ගුණාත්මක සංවර්ධනය සහතික කිරීමේ ප්‍රධාන පියවරක් බව චීන රාජ්‍ය මණ්ඩල ප්‍රධාන කාර්යාලය කියයි. එසේම, මෙය චීනයේ මවු ගංගාව ලෙස සැලකෙන යැංසි නදියේ ජීව ශක්තිය යළි ගොඩනැගීම සඳහා වන වැදගත් ක්‍රියාමාර්ගයක් වන බව එම කාර්යාලය මගින් නිකුත් කෙරුණු ලේඛනයක දැක්වේ.
 
අදාළ රාජ්‍ය දෙපාර්තමේන්තු මෙම මත්ස්‍ය තහනමට අදාළ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම කෙරෙහි ඉහළ ප්‍රමුඛතාවක් ලබා දිය යුතු බව ද දැනුම් දී ඇත. මෙහිදී සම්බන්ධීකරණ හා අධීක්ෂණ කටයුතුවල මෙන්ම නීතිමය යාන්ත්‍රණයන් හි මනා ක්‍රියාකාරීත්වයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ද අවධාරණය කෙරේ.
 
යැංසි ගංගාව ආශ්‍රිතව වෙසෙන, දුර්ලභ සහ වඳ වී යාමේ අවදානමට ලක් ව සිටින ජීව විශේෂ සංරක්ෂණය, සත්ත්ව වාසස්ථාන වැඩිදියුණු කිරීම මෙන්ම පාරිසරික තත්ත්ව වැඩිදියුණු කිරීම සඳහා පියවර ගන්නා ලෙස ද මෙම මාර්ගෝපදේශ මාලාවෙන් ඉල්ලීමක් කෙරේ.  
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here