තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ගිනි ගන්නා නෞකාව මුහුදුබත් වීමේ අවධානමක්

    ගිනි ගන්නා නෞකාව මුහුදුබත් වීමේ අවධානමක්

    ගිනි ගැනීමට ලක්වෙමින් ඇති එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වීමේ අවධානමක් මේ වන විට මතුව තිබේ.

    මේ වන විට නෞකාව පුරාම ගින්න ව්‍යාප්තව පවතින බවත් ගින්න නිවීම අභියෝගයක් බවට පත්ව ඇති බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කරයි.

    මෙම නෞකා සමාගමේ ටීම් හර්ට්නෝල් සදහන් කරන්නේ මෙම ගින්නට හේතුව එහි ප්‍රවාහනය කරමින් තිබුණු රසායනික ද්‍රව්‍ය කාන්දුවක් බවයි. නිසි ලෙස එම රසායනික ද්‍රව්‍ය ගබඩාකර නොතිබීම ඒ තත්වයට මුල්වී ඇතැයිද ඔහු සදහන් කරයි.

    මෙම අනතුර හදුනාගත් මුල් අවස්ථාවේදීම නෞකාවේ කාර්ය මණ්ඩලය අවශ්‍ය ආරක්ෂක පියවර ගැනීමට නෞකාව බටහිර ඉන්දීය හසීරා වරායට ඇතුළුවීමට අවසරය ඉල්ලා ඇති බවත් ඊට යහපත් ප්‍රතිචාර ලැබී නැති බවත් හර්ට්නෝල් සදහන් කරයි. අනතුරුව නෞකාව කටාර් හී හාමඩ් වරාය වෙත ඇතුළු කිරීමට ඉල්ලීමක් කර ඇතත් ඊටද යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු තැන ශ්‍රී ලංකාවට පැමිණි බවද ඔහු සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img