Home උණුසුම් පුවත් උඩවලවෙන් තවත් ගංජා හේනක් -අඹලන්ද රක්ෂිතයේ ඇසුරුම් වාඩියක්

උඩවලවෙන් තවත් ගංජා හේනක් -අඹලන්ද රක්ෂිතයේ ඇසුරුම් වාඩියක්

උඩවලවෙන් තවත් ගංජා හේනක් -අඹලන්ද රක්ෂිතයේ ඇසුරුම් වාඩියක්

​උඩලව රක්‍ෂිතයට අයත් හම්බෙගමුව ප්‍රදේශයේ අක්කර හතර හමාරක භුමි කොටසක වගා කර තිබු රුපියල් කෝටි 5ක විටිනාකමකින් යුත් ගංජා පැල 250000කට අධික ප්‍රමාණයක් සහිත ගංජා හේනක් ඊයේ පස්වරුවේ (මාර්තු 17) වටළා ඇත.

මෙම ගංජා වගාව හම්බේගමුව නගරයේ සිට 8km පමණ දුරකින් පොලිසිය හෝ ආරක්‍ෂක අංශ වලට ලගාවිය නොහැකි දුෂ්කර ප්‍රදේශයක ඉතා ආරක්‍ෂිතව වගාකර දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇත.

දැනට ශ්‍රී ලංකා පොලිසිය සමඟ යුධ හමුදාව ඒකාබද්ධව සිදු කරන යුක්තිය මෙහෙයුම සමඟ දකුණු ප්‍රදේශයේ පවතින නීති විරෝධී මත් ද්‍රව්‍ය ජාවාරම් මැඩළීම උදෙසා යුද්ධ හමුදා බුද්ධි අංශ විසින් මෙම තොරතුරු මාතර පොලිස් විමර්ශන කොට්ඨාසය වෙත ලබා දී ඇත.

පොලිසිය සහ යුද්ධ හමුදාව එක්ව සිදු කල මෙම මෙහෙයුමේදී භට පිරිස් එම ස්ථානය වෙත ලගා වන විට එහි පුද්ගලයින් දෙදෙනෙකු සිට ඇති අතර වැටලීම සිදු කරන අවස්ථාවේදී අදාල පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයෙන් පැන ගොස් ඇත. මේ පිළිබඳ ඉදිරි පරීක්‍ෂණ කටයුතු මාතර පොලිස් විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.

මේ අතර පානම අඹලන්ද රක්ෂිතයේ පිහිටි වාඩියක් තුළ වියලි ගංජා ඇසුරුම්කරමින් සිටි දෙදෙනෙක් ගංජා කිලෝ 344යි ග්‍රෑම් 857ක් සමඟ පානම පොලීසිය ඊයේ (17) කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

ඇඹිලිපිටිය නව නගරයේ පදිංචිකරුවෙක් වන 47 හැවිරිදි පෙදරේරුවෙක් සහ සෙවනගල කිරිවැව පදිංචි 39 හැවිරිදි පෙදරේරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රශ්න කිරීමේදී ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ තමන් කුළී සේවකයින් මිස මෙම ගංජාවල හිමිකරුවන් නොවන බවය. යම් පුද්ගලයෙකුගේ නමක් ඔවුන් විසින් පොලීසියට පවසා තිබේ. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත ගිනි අවියක්ද පොලීසිය සොයාගෙන ඇත. එම ගිනි අවිය බෙහෙත් කොටන තුවක්කුවක් බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here