Home උණුසුම් පුවත් තිරියාය රෝහල් දොස්තරගේ වෛද්‍ය මධ්‍යස්ථානයට බෝම්බ ගසා ගිනිතියලා

තිරියාය රෝහල් දොස්තරගේ වෛද්‍ය මධ්‍යස්ථානයට බෝම්බ ගසා ගිනිතියලා

0
තිරියාය රෝහල් දොස්තරගේ වෛද්‍ය මධ්‍යස්ථානයට බෝම්බ ගසා ගිනිතියලා

තිරියාය රජයේ රෝහලේ සේවයේ නිරත වෛද්‍ය කේ.සී. ශ්‍රීමාල් ආබෘ මහතාට අයත් පුල්මුඩේ පිලිඅඩි පාරේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට කිසියම් අයෙක් විසින් දේශීයව නිෂ්පාදනය කළ බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ගිනි තබා හානිකර ඇතැයි පුල්මුඩේ පොලීසිය සඳහන් කරයි.

මෙම බෝම්බ ප්‍රහාරය එල්ලකර ඇත්තේ ඊයේ අලුයම් කාලයේදීය.

මෙම බෝම්බය පෙට්රල් බෝතලයකට හක්කපටස් නැමැති පිපිරුම් කාරකය සම්බන්ධකර සකස්කර ඇති එකක් බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

වෛද්‍ය මධ්‍යස්තානයේ පුටු දෙකකට හා සිවිලිමට මෙම බෝම්බ ප්‍රහාරයෙන් හානි සිදුව ඇත.

මෙම වෛද්‍යවරයා සේවයේ නිරතව සිටින තිරියාය රජයේ රෝහලේද මෙම වෛද්‍යවරයා රැදී සිටින කාමරයට මේ ආකාරයේම බෝම්බ ප්‍රහාරයක් පසුගිය 14 වෙනිදා එල්ලවී තිබිණි. මෙම බෝම්බ ප්‍රහාර දෙකම එකම අයෙකුගේ වැඩක් බව පොලීසිය සැකකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here