Home උණුසුම් පුවත් පොලීසියේ ලොකු පුටු රැසක් හෙල්ලෙයි

පොලීසියේ ලොකු පුටු රැසක් හෙල්ලෙයි

0
පොලීසියේ ලොකු පුටු රැසක් හෙල්ලෙයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු සහ කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ හා පොලිස් අධිකාරීවරු රැසකට ඉදිරි පැය කිහිපය තුළ ස්ථාන මාරුවීමේ නියෝග නිකුත් වීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

එම ස්ථාන මාරුවීම් සඳහා ඊයේ රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියද හිමිව ඇති බව සඳහන්ය.

දකුණු පළාත් භාර පොලිස් ප්‍රධානියාද ගාල්ල හා ඇල්පිටිය පොලිස් ප්‍රධානීන්ද මෙහිදී ස්ථාන මාරුවීම් ලැබීමට නියමිතව ඇත. වැඩිම පොලිස් ප්‍රධානීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලැබීමට නියමිතව ඇත්තේ දකුණු පළාත තුළය.

දකුණු පළාත් පොලිස් ප්‍රධානී ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාත්, උතුරු පළාත් පොලිස් ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොිලිස්පති තිලක් ධනපාල මහතාත්, උතුරුමැද පළාත් පොලිස් ප්‍රධානියා ලෙස ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාත්, බස්නාහිර පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස මහින්ද ගුණරත්න මහතාත් පත් කෙරෙනු ඇත.

මේ හැරුණු කොට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රජිත ශ්‍රී දමින්ද මහතා සහයක සේවා පොලිස් ප්‍රධානියා ලෙසත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පුහුණු හා උසස් අධ්‍යාපන අංශ ප්‍රධානියා ලෙසත්, ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා අපරාධ හා රථවාහන අංශ ප්‍රධානියා ලෙසත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා අයෝජන, සංචාරක හා නාවික අංශ ප්‍රධානියා ලෙසත් පත් කෙරනු ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

මීගමුව, මහනුවර, ඇඹිලිපිටිය, ඇල්පිටිය ඇතුළු පොලිස් කොට්ඨාශ භාර පොලිස් ප්‍රධානීන් රැසකට ස්ථාන මාරුවීම් ලැබීමට නියමිතව ඇති අතර මීගමුව කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර මහතා මහනුවර කොට්ඨාශයභාර පොලිස් ප්‍රධානියා ලෙසත්, ඇඹිලිපිටිය කොට්ඨාශයභාර පොලිස් ප්‍රධානී සුදත් මාසිංහ මහතා ඇල්පිටිය පොලිස් කොට්ඨාශයේ ප්‍රධානියා ලෙසත් ස්ථාන මාරු කිරීමට මේ අනුව නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here