Home උණුසුම් පුවත් ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියකගේ නිවසේ සොරකමක්

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියකගේ නිවසේ සොරකමක්

0
ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියකගේ නිවසේ සොරකමක්

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ උප පාලන නිලධාරිනියක තාවකාලිකව පදිංචිව සිටින කොළඹ 05 ලොන්ඩන් පෙදෙසේ නිවසක සිදුව ඇති රුපියල් ලක්ෂ 32කට අධික වටිනාකමක් ඇති මුදල් හා රන් භාණ්ඩ සොරකමක් ගැන නාරාහේන්පිට පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

ස්විස් ප්‍රෑන්ක් 500ක මුදලක්, සුදු රත්‍රන්වලින් නිමකර ඇති දියමන්ති ඇල්ලූ කරාබු ජෝඩුවක්, දියමන්ති හා පුෂ්පරාග මැණික් ගල් අල්ලන ලද රත්‍රන් මාලයක්,කළු පැහැති මුතු ඇට අල්ලන ලද බේස්ලට් එකක්, මැණීක් ගල් කිහිපයක් අල්ලන ලද මුද්දක් සොරාගත් දෑ අතර ඇතැයි පොලීසියට මෙම සොරකම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලෙහි සඳහන්ය.

මෙම සොරකම ගැන ස්විස් තානාපති කාර්යාලයේ උප පාලන නිලධාරිනිය විසින් පැමිණිලිකර ඇත්තේ පෙරේදා (11)ය. ඊට අනුව සොරාගත් මුදල් හා රන් භාණ්ඩවල වටිනාකම රුපියල් තිස්දෙලක්ෂ හතලිස් හතර දහස් හාරසිය හතලිස් පහකි.

මෙම නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටින වනීතා නැමැති තැනැත්තිය මුදල් සොරාගෙන ඇති බව හා නිවසේ මාස තුනකට පෙර සේවයේ නිරතව සිටි මේරි නැමැත්තිය විසින් සෙසු භාණ්ඩ සොරාගෙන ඇති බව තමා සැකකරන බව තානාපති කාර්යාලයේ උප පාලනවරිය පොලීසියට පැමිණිලිකරමින් පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here