තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්චොකලට් ඇතුළේ හංගන් ආ රු.කෝටි 10ක උග්‍ර විෂ මත්ද්‍රව්‍ය STF දැලේ

    චොකලට් ඇතුළේ හංගන් ආ රු.කෝටි 10ක උග්‍ර විෂ මත්ද්‍රව්‍ය STF දැලේ

    නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමකින් රුපියල් කෝටි දහයකට ආසන්න වීදි වටිනාකමකින් යුත් උග්‍ර විෂ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9ක් අද අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක සමඟ මේවා අත්අඩංගුවට ගෙන තිබුණේ කිරිබත්ගොඩ සහ කටුනායක යන ප්‍රදේශවලදී ය.

    පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විසින් ආරම්භ කරන ලද යුක්තිය මෙහෙයුමට සමගාමීව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද දින කරන ලද මෙහෙයුමකින් මේවා අත්අඩංගුවට ගැනිණ.

    පළමුව සුඛෝපභෝගී කාර් රථයකින් අයිස් කිලෝ පහකට ආසන්න ප්‍රමාණයක් චොකලට් දවටනවල සඟවා අලෙවි කිරීම සඳහා රැගෙන ඒමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී එම සුඛෝපභෝගී රථය පරීක්ෂා කිරීමේදී අත්අඩංගුවට ගැනීමට හැකි විය.

    මෙම මත්ද්‍රව්‍ය දැනට ඩුබායිහි සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නිපුණ නමැත්තාගේ සහ නන්දසේන යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අනුදැනුම මත සිදු කර ඇත .

    සැකකරුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම එක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් වත්තල සහ ගනමුල්ල ප්‍රදේශවල පිහිටි සුඛෝපභෝගී නිවාස ද සොයා ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් විය .

    එමෙන්ම අනාවරණය කර ගන්නා ලද තොරතුරු අනුව ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපොලේ සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා ඉතාම සූක්ෂම අයුරින් චොකලට් සහ රස කැවිලි තුල සගවා ඒවා ගමන් මලු තුළ බහා මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන එන යුවළ කටුනායක පොලිස් බල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

    ඔවුන් සිය සුඛෝපභෝගී මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි අතර අත්අඩංගුවට ගන්නා ලදී.

    තවද මොවුන්ගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සීදුව ඔන්රීච් (onreich) හෝටලේ කාමරයක ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබූ අයිස් කිලෝග්‍රෑම් හතරක මත්ද්‍රව්‍ය තොගයක් ද අත්අඩංගුවට ගන්නා ලදී .

    මෙම සැකකරුවන් දීර්ඝ කාලයක සිට ගුවන් මගින් ලෙස චෙන්නායි සිට බණ්ඩාරනායක ගුවන් තොටුපළ දක්වා ස්වකීය ගමන් මලු තුළ ඉතා සූක්ෂම අයුරින් බහා කිලෝ එක සහ කිලෝ දෙක කිලෝ 5 වශයෙන් රැගෙන විත් තිබූ අතර ඔවුන් විසින් එම මත්ද්‍රව්‍ය මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත ලබාදී ඇත .

    වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී,ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි එම්.එමි.කේ විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී (බුද්ධි /විශේෂ මෙහෙයුම් මත්ද්‍රව්‍ය නාශක) සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් ස්ථානාධිපති බුද්ධි නදීක සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලිම සිදුකර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img