Home උණුසුම් පුවත් බිත්තර මිලට කරන්න හදන දේ..

බිත්තර මිලට කරන්න හදන දේ..

බිත්තර මිලට කරන්න හදන දේ..

ශ්‍රී ලංකාව තුළ බිත්තරයක් නිෂ්පාදනය කිරීමට වැ වන මුදල රු. 30ක් වුවද දැනට වෙළෙඳපොළේ දේශීය බිත්තරයක මිල රු. 60ක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව පාරිභෝගිකයන්ගෙන් වැඩි මුදලක් අයකර නිෂ්පාදකයින් සහ වෙළඳුන් අසාධාරණ ලෙස ලාභ ලැබීම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් (MRP) පැනවීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

නව උපරිම සිල්ලර මිල ලබන සතියේ පාරිභෝගික කටයුතු අධිකාරියට ඉදිරිපත් කරන බවද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here