fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බල්ලන්ගේ බිරීම මරණයකින් කෙළවර වෙයි

    බල්ලන්ගේ බිරීම මරණයකින් කෙළවර වෙයි

    නිවසේ සුරතලයට ඇතිකරන බල්ලන් කිහිපදෙනෙකු අසල නිවසක පදිංචි පුද්ගලයෙකුට බිරීම නිසා ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් සිදුවූ ගැටුමකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි පුද්ගලයෙකු මියගොස් ඇත.

    තෙලිකඩ පොලිස් වසමේ ගොනුපීනුවල ගිනිමැල්ලගහ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූවෙක් මෙසේ මියගොස් තිබේ.

    බල්ලන් බිරීම හේතුවෙන් උරණ වී මිය ගිය පුද්ගලයා මුලින්ම බල්ලන්ගේ හිමිකරුට පොරොවකින් පහරදී ඇති බව පොලීසිය කියයි.

    එහිදී ඊට ප්‍රතිචාර දක්වමින් එම බල්ලන්ගේ හිමිකරුගේ 23 හැවිරිදි පුතා විසින් සිය පියාට පොරොවෙන් පහරදුන් පුද්ගලයාට පොල්ලකින් පහරදී ඇති බවද පොලීසිය කියයි.

    එම පොලු පහරින් බරපතල ලෙස තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් තිබේ. මෙම සිදුවීම වී ඇත්තේ පසුගිය 29 වෙනිදා බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.