නෝර්වේජියාවේ මගී ප්‍රවාහන නෞකාවක ගමන් කරමින් සිටි 2,000කට වැඩි පිරිසක් අභිරහස් රෝගාබාධ හේතුවෙන් මොරිෂස් වෙරළට ඔබ්බෙන් නෞකාවේ සිරවී සිටින බව විදෙස් වාර්තා පවසයි.
දකුණු අප්‍රිකානු සංචාරයක යෙදී සිටි මගීන් කිහිප දෙනෙකු නෞකාව තුළ උදරාබාධයකට ලක්වීමෙන් පසු ඔවුන් නිරෝධායනය කර තිබේ.
කෙසේවෙතත් මෙම රෝගීන්ගේ පරීක්ෂණ ප්‍රතිඵල පැමිණෙන තෙක් මෙම දැවැන්ත නෞකාවෙන් වෙනත් කිසිදු මගියකු ගොඩබැස්වීම වැළැක්වීමට බලධාරීන් තීරණය කර ඇත.
නෝර්වීජියානු නෞකා සමාගම පැවසුවේ නෞකාවේ සිටි අමුත්තන්ගෙන් කුඩා සංඛ්‍යාවක් මෙම සතිය මුලදී ආමාශය ආශ්‍රිත රෝගයක රෝග ලක්ෂණ අත්විඳීමට පටන් ගත් බවයි.
නෞකාව කේප් ටවුන් සිට පෝර්ට් ලුවිස් දක්වා දින 12 ක ගමනක් යමින් සිටියේය.
මොරිෂස් වරාය අධිකාරියට අනුව 2,184 දෙනකෙු සිටින, කාර්ය මණ්ඩල සාමාජිකයින් 1,026 ක් රැගත් නෝර්වීජියානු ඩෝන් නමැති මෙම නෞකාව ඊයේ(25) දින මොරිෂස්හි පෝර්ට් ලුයිස් වෙත පැමිණීමට නියමිතව තිබුණි.
නමුත් නෞකාව එහි රියුනියන් දූපතේ නැවතුම මඟහැරීම නිසා එය කලින් පෝට් ලුයිස් වෙත පැමිණ ඇත.
එහිදී නැවට නැංගුරම් ලෑමට නොහැකි බව බලධාරීන් පැවසූ බව මොරිෂස් වරාය අධිකාරිය ඉරිදා ප්‍රකාශ කළේය.
මොරිෂස් සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෝන් නෞකාවේ සිටි මගීන් 15 දෙනෙකුගෙන් පමණ සාම්පල ලබාගෙන තිබේ.
පවතින සෞඛ්‍ය අවදානම හේතුවෙන් ඔවුන් නෞකාව තුළ හුදකලා කළ බව අධිකාරිය පවසයි.
ඔවුන් පරීක්ෂා කළ මගීන් 15 දෙනාගේ පරීක්ෂණ ප්‍රතිඵල සෞඛ්‍ය නිලධාරීන්ට ලැබීමට පැය 48ක පමණ කාලයක් ගතවනු ඇත.
පරීක්ෂණ අවසන් වන තුරු, එනම් හෙට වනතුරු මොරිෂස් කිසිවකුට පිටත්ව යාමට හෝ නැවට නැගීමට ඉඩ නොදෙන බව නෝර්වීජියානු නෞකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
නව මගීන් 2,279ක් පමණ ඉරිදා දිනයේදී පෝට් ලුයිස්හිදී නෞකාවට ගොඩවීමට නියමිතව තිබූණි.
ඇතිවූ තත්ත්වය හමුවේ තවමත් එය සිදු කර නොමැති බව මොරිෂස් වරාය අධිකාරිය පවසයි.
එක්සත් ජනපදය පදනම් කරගත් නෝර්වීජියානු මගී ප්‍රවාහන නෞකා සමාගම පැවසුවේ අමුත්තන්ට ‘ඔවුන්ට නැවට ගොඩවීමට හැකි වන තෙක්’ නොමිලේ හෝටල් නවාතැන් සපයන බවයි.