Home උණුසුම් පුවත් ආරවුලක් නිසා යතුරුපැදිකරුවකු යටකර මරා දැමූ කාර්මික ඉංජිනේරුවරයා අත්අඩංගුවට

ආරවුලක් නිසා යතුරුපැදිකරුවකු යටකර මරා දැමූ කාර්මික ඉංජිනේරුවරයා අත්අඩංගුවට

0
ආරවුලක් නිසා යතුරුපැදිකරුවකු යටකර මරා දැමූ කාර්මික ඉංජිනේරුවරයා අත්අඩංගුවට

බහින්බස්වීමක් මුල්කරගෙන යතුරුපැදිකරුවෙකුව මෝටර් රථයකින් යටකර මරා දැමූ කාර්මික ඉංජිනේරුවරයෙකු දෙහිවල පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇත.

දෙහිවල ,කඩවත පාරේදී මෙම ඝාතනය සිදුව ඇත්තේ ඊයේ උදෑසන කාලයේදීය.

ඉංජිනේරුවරයා තරුණියක් මුණ ගැසී ඇය සමග මෝටර් රථය පදවාගෙන ගමන්කරමින් සිටියදී යතුරුපැදිකරු මෝටර් රථය ඉස්සර කිරීම මුල්කරගෙන දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව ඇති බව දෙහිවල පොලීසිය කියයි. ඊට මුල්වී ඇත්තේ එම මාර්ගය පටුමාර්ගයක් වූ බැවින් යතුරුපැදිය ඉස්සර කිරීමේදී මෝටර් රථයේ යටරයක් උල් ගලක ගැටී සිදුවූ රෝදයේ සුලං බැසීමකි.

දෙදෙනා අතර සිදුවූ බහින්බස් වීමකින් අනතුරුව යතුරුපැදිකරු යතුරු පැදියේ නැගී ගමන්කරන විට වේගයෙන් මෝටර් රථය යතුරුපැදිය පස්සේ පැමිණ එහි ගැටීමට සලස්වා ඇති බව පොලීසිය කියයි. එහිදී බිම වැටුණු යතුරුපැදිකරුව මෝටර් රථයෙන් යටකර ඇති බවද අනාවරණය වී ඇත. යතුරුපැදිකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු දෙහිවල ෆෙෂර් ඇවිනිව් හී පදිංචි 30 හැවිරිදි වියේ පසුවන්නෙක් බව පොලීසිය කියයි.

මෙම පුද්ගලයා විසින් මෝටර් රථයට යටකර මරා දමා ඇත්තේ මොරටුව කටුබැද්ද පෙරේරා මාවතේ පදිංචිකරුවෙක් වන ඩී.රංජිත් (52) නැමැති අයෙකි.

පොලීසිය පවසනුයේ මෙම අනතුර හිතා මතා සිදුකළ අනතුරකන් බැවින් විමර්ශන පවත්වන්නේ ඝාතවයක් ලෙස බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here