Home special හත්තක් ඇති ගෙම්බෙක් හමුවෙයි

හත්තක් ඇති ගෙම්බෙක් හමුවෙයි

හත්තක් ඇති ගෙම්බෙක් හමුවෙයි

ඉන්දියාවේ බටහිර ඝාට්ස් කඳු පාමුලදී විද්‍යාඥයින් විසින් විස්මිත සොයා ගැනීමක් කර තිබේ.

ඒ ගෙම්බකුගේ සිරුරේ පැත්තකින් වැඩෙමින් පවතින බිම්මලක් හමුවීමයි.

මෙය ජීවියෙකුගේ සිරුරේ බිම්මල් වර්ධනයක් නිරීක්ෂණය වූ පළමු අවස්ථාවයි.

කර්නාටක ප්‍රාන්තයේ කර්කාලා හි කුද්‍රේමුඛ කඳු පාමුල අසල පාර අයිනේ වැසි ජලයෙන් පෝෂණය වන පොකුණක ‘රාඕගේ රන්වන් පැහැ පිටක් සහිත ගෙම්බන්’ යැයි නම්කළ ගෙම්බන් කිහිපදෙනකෙු පර්යේෂකයන් විසින් සොයාගන්නා ලද්දේ පසුගිය වසරේ ජූනි මාසයේ ය.

නමුත් ඉන් එක් ගෙම්බෙකුගේ සිරුරේ දකුණු පැත්තේ සිට සුදු පැහැති වර්ධනය වන යමක් දිස් විය. පෙනෙන පරිදි, එය ජීවමාන ගෙම්බෙකුගෙන් වැඩෙන හත්තක් නැතහොත් බිම්මලක් බවට පර්යේෂකයන්ට පෙනී ගොස් ඇත.

එම ගෙම්බා අල්ලා නොගත් නමුත් ඒ වෙනුවට, පර්යේෂකයන් එම සතාගේ පින්තූර ගෙන එය Reptiles and Amphibians සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද සටහනක ලේඛනගත කර ඇත.

පින්තූර දෙස බැලූ දිලීර විශේෂඥයින් විසින් සුදු පැහැති වර්ධනය හඳුනාගෙන ඇත්තේ බොනට් හතු වර්ගයක් මෙලෙස ගෙම්බාගේ ඇ‍ඟ‍ේ වර්ධනය වී ඇති බවය.

එම හතු වර්ගය සාමාන්‍යයෙන් මියගිය හෝ නරක් වෙමින් පවතින ශාක කඳන් මත වැඩෙන්නකි.

බොහෝ දිලීර අනෙකුත් ජීවීන් සමඟ සහජීවන සබඳතාවයකින් වර්ධනය වන බව විද්‍යාඥයෝ පවසති.

සමහර දිලීර පරපෝෂිත වන අතර මියුකෝමයිසීස් වැනි ආසාදන ඇති කළ හැකිය. ඒවා කළු දිලීර ලෙසද හැඳින්වේ.

කෙසේවෙතත් මෙහිදී මෙම ගෙම්බා අල්ලාගෙන පර්යේෂණ කර නොමැති බැවින් නිශ්චිත නිගමනයක් පැවසීම අපහසු බව විද්‍යාඥයෝ කියති.

කෙසේවෙතත් පර්යේෂක කණ්ඩායම සැක කරන්නේ මෙම ගම්බන් සිටි බටහිර කඳුකරයේ තෙතමනය සහිත පරිසරය බිම්මල් වර්ධනය සඳහා වඩාත් සුදුසු විය හැකි බවයි.

එම ප්‍රදේශය අධීක්‍ෂණය කිරීමටත්, මෙම විශ්මය ජනක සොයාගැනීම පිළිබඳව පර්යේෂණ කිරීමටත් සැලසුම් කර ඇති බව කණ්ඩායම ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here