තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්වෛද්‍ය බෙල්ලනගේ 'අයිසේ තමුසෙලා..' කාර්යාලය වටලති -පාලනය කැරළි මර්දනයෙන් (📹)

    වෛද්‍ය බෙල්ලනගේ ‘අයිසේ තමුසෙලා..’ කාර්යාලය වටලති -පාලනය කැරළි මර්දනයෙන් (📹)

    කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතාගේ කාර්යාලය වටකර එහි  සේවක පිරිසක් සිදුකළ දැඩි විරෝධය හේතුවෙන් ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනයට පොලිස් කැරළි මර්දන ඒකකය කටයුතු කර තිබේ.

    මේ වනවිට එම තත්ත්වය තරමක් පහව ගොස් ඇති නමුත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ද අද රජයෙන් ඉල්ලා සිටියේය.

    අද (16) දහවල් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාව සුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන කලහකාරී ලෙස හැසිරුණු බවට තොරතුරු වාර්තා වූ අතර ඊට හේතුවී තිබුණේ පසුගියදා පැවති වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද අපහාසාත්මක ප්‍රකාශයකි.

    “අයිසේ තමුසේලාගේ සේවය අත්‍යාවශ්‍ය නෑ..” යනාදී නිගරු ආකාරයේ වචන භාවිත කරමින් වෛද්‍ය බෙල්ලන මාධ්‍ය වෙත කළ අදහස් දැක්වීම රෝහල් සේවකයන්ගේ දැඩි විවේචනයට ලක්විය.

    මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ කලහකාරී තත්ත්වයක් නිර්මාණය වූ අතර එය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවා තිබිණි.

    සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් පසුගිය 13 වනදා සිට දින දෙකක කාලයක් වැඩවර්ජනයක නිරත වූයේ, වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමිනි.

    වෛද්‍ය බෙල්ලනගේ අදහහස් දැක්වීම සිදුවූයේ එම වර්ජනය නවතා දැමූ පසුව ය.

    කොළඹ ජාතික රෝහලේ අද ඇතිවූ නොසන්සුන්තාව පහත වීඩියෝවෙන්.

    රෝහහල් සුළු සේවක විරෝධයට හේතුවූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ අපහාසාත්මක ප්‍රකාශය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img