තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වියළි කාලගුණේ නිසා ලෙඩ ගොඩක් -දරුවන් වගේම වැඩිහිටියනුත් ප්‍රවේශමෙන්

    වියළි කාලගුණේ නිසා ලෙඩ ගොඩක් -දරුවන් වගේම වැඩිහිටියනුත් ප්‍රවේශමෙන්

    මේ දිනවල පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන් අතර විජලන තත්ත්වයන් සහ සමේ රෝග ඉහළ ගොස් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

    අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන රෝග ලක්ෂණ ලෙස හිසරදය, කලන්තය, ඇඟපත රිදීම, ආහාර අරුචිය, නින්ද නොයාම ආදිය දක්නට ලැබෙන බව හෙතෙම පෙන්වා දේ.

    දරුවන් මෙන්ම වැඩිහිටියන්ද මෙම දිනවල වැඩි වශයෙන් ජලය පානය නොකර වැඩ කළහොත් මෙම විජලන තත්ත්වයන්වලට පත්විය හැකි බවද ඔහු පැවසුවේය.

    දුවන තරඟ, ක්‍රීඩා තරඟ ආදියට ජලය වැඩි වශයෙන් පානය නොකර සහභාගී වුවහොත් තාප කම්පන තත්ත්වයන් පවා ඇතිවිය හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා කියාසිටී.

    මෙම දිනවල දහඩිය බිබිලි දද වැනි සමේ රෝග තත්ත්වයන් වැඩිවිය හැකි බවද එමනිසා මේ දිනවල ජලය සහ ස්වභාවික දියර ආහාර වැඩි වශයෙන් පානය කිරීම සුදුසු බවද පැවසුවේය.

    ජලය වැඩිපුර පානය නොකිරීමෙන් මෙම දිනවල මුත්‍රාවල පැහැය වෙනස්විය හැකි බවද, මුත්‍රා වල පැහැය තද පැහැති වුවහොත් වැඩි වශයෙන් ජලය පානය කිරීම සුදුසු බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

    සමේ රෝග අඩුකර ගැනීමට වැඩිපුර දරුවන් ජලයේ තැබීම සුදුසු බවද, එනම් උදේ සහ සවස විනාඩි 20ක් පමණ දරුවන්ට ජලයේ සෙල්ලම් කිරීමට ඉඩ දෙන ලෙසද අවධාරණය කළේය.

    දූවිලි තත්ත්වය වැඩි වීම නිසා සහ පසුගිය කාලයේ රටවල්වල වාර්තා වුණු පරිසර දූෂණ තත්ත්වය හේතුවෙන් දූෂිත වාතය මෙරටට සුළං සමග පැමිණි බව කියාසිටි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ,දරුවන්ට ළමා හතිය වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇති බව පැවසුවේය.

    ළමා හතිය පවතින දරුවන්ට නිසි ආකාරව ප්‍රතිකාර ලබාදෙන ලෙස කියාසිටි විශේෂඥ වෛද්‍යවරයා ළමුන්ට වැඩි වශයෙන් ස්වභාවික දියර ආහාර ලබාදෙන ලෙසද පැවසුවේය.

    මෙම උෂ්ණාධික තත්ත්වය තව මාස 02ක් පමණ ඉදිරියට පැවතිය හැකි බවද එබැවින් සෑම නිවසකම එක පුද්ගලයෙකු එක ගසක් හෝ සිටුවන ලෙසද වෛද්‍යවරයා ඉල්ලා සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img