Home උණුසුම් පුවත් ඉන්දියාවේ UPI ඩිජිටල් මුදල් ගෙවීම් ක්‍රමය මෙරටදී එළිදකියි

ඉන්දියාවේ UPI ඩිජිටල් මුදල් ගෙවීම් ක්‍රමය මෙරටදී එළිදකියි

ඉන්දියාවේ UPI ඩිජිටල් මුදල් ගෙවීම් ක්‍රමය මෙරටදී එළිදකියි

ශ්‍රී ලංකාව සහ මොරිෂස් රාජ්‍ය සමඟ ඉන්දීය ඩිජිටල් ගෙවීම් සම්බන්ධතාව මීට සුළු මොහොතකට පෙර දියත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතය මගින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත (UPI) හරහා ගෙවීම් කටයුතු සිදුකිරීමේ ක්‍රමය මෙරට තුළ හඳුන්වාදීම නිල වශයෙන් මෙලෙස හඳුන්වා දී ඇත.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම හඳුන්වාදීමේ නිල අවස්ථාව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ජනපති රනිල් වික්‍රමසිංහ සහ මොරිෂස් රාජ්‍යයේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මොරිෂස් රාජ්‍යයට ද මේ අවස්ථාවේදීම මෙම ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හඳුන්වා දීම සිදුකෙරිණ.

NPCI International Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මෙම වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම ඉලක්ක කර ගනිමින් වෙළඳසැල් 10,000ක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම මේ හා සමගාමිව සිදු කෙරේ.

මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින්, 2024 මාර්තු මාසය වන විට මෙම වෙළඳසැල් සංඛ්‍යාව 65,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිත ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ මොරිෂස්හි මහබැංකු අධිපතිවරුන් ඇතුළු මුදල් අමාත්‍යාංශ බලධාරීන් පිරිසක් ද සහභාගි විය.

එම වැඩසටහන පැවැති අවස්ථාව පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here