Home උණුසුම් පුවත් ලෝකයේ අඩුම වැටුප් ශ්‍රී ලංකාවේ

ලෝකයේ අඩුම වැටුප් ශ්‍රී ලංකාවේ

ලෝකයේ අඩුම වැටුප් ශ්‍රී ලංකාවේ

ලොව පුරා රටවල 2023 වසර වනවිට අඩුම වැටුප් ලබන්නේ ශ්‍රී ලංකාව බවට ලැයිස්තුගත කර තිබේ.

ඒ ගෝලීය වැටුප් පිළිබඳ ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක් විසින් කරන ලද සංසන්දනාත්මක විශ්ලේෂණයකදී ය.

පූර්ණ කාලීන සේවකයෙකු සඳහා සාමාන්‍ය දළ මාසික වැටුප සළකා බලමින්, ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික, දත්ත පුවත් පළකරන CEOWORLD සඟරාව විසින් මෙම සමීක්ෂණය කර ඇත. මෙහිදී ලොව වටා පුද්ගලයන්ගේ මාසික ශුද්ධ වැටුප් සාමාන්‍යය (බදුවලින් පසු) (වැටුප් සහ මූල්‍යකරණ) දෙස සළකා බැලූ බව එම සඟරාව පවසයි.

ධනවත්ම සහ දුප්පත්ම රටවල ආදායම සංසන්දනය කර ඇත්තේ ඒ අනුවයි. එම සඟරාවට අනුව ලෝකයේ කුඩාම මාසික වැටුප ගෙවනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ය.

මාසික වැටුපේ සාමාන්‍යය අනුව ලොව වැඩිම වැටුප් ලබන රාජ්‍යයේ සිට අඩුම වැටුප් ලබන රට දක්වා සකස් කරන ලද රටවල් 105කින් මෙම ලැයිස්තුව සමන්විතය.

සමීක්ෂණයට අනුව මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව සිටින්නේ අඩුම වැටුප් ලබන රටක් ලෙස ලැයිස්තුවේ අවසාන රට ලෙස ය.

එම ලැයිස්තුවට අනුව මෙරට තුළ සාමාන්‍ය දළ මාසික වැටුප අමෙරිකානු ඩොලර් 143.62කි.

ලොව වැඩිම මාසික වැටුප් සාමාන්‍ය වන අමෙරිකානු ඩොලර් 6142.1 ක වැටුපක් ලැබෙන්නේ ස්විස්ටර්ලන්තයේ ය.

අසල්වැසි ඉන්දියාව මෙම ලැයිස්තුවේ 55 වැනි ස්ථානයේ සිටින්නේ මාසික වැටුප් සාමාන්‍යය අමෙරිකානු ඩොලර් 718.38ක වැටුපක් ලබන්නන් සිටින රට ලෙස ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here