තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ඉන්දීය තරු පෑයු යාපනයේ සංගීත ප්‍රසංගය රසිකයෝ වනසති (📹📸)

    ඉන්දීය තරු පෑයු යාපනයේ සංගීත ප්‍රසංගය රසිකයෝ වනසති (📹📸)

    ලෝක ප්‍රකට ඉන්දීය සංගීතඥයකු වන හරිහරන් සහ දකුණු ඉන්දීය නළු නිළියන් වන තමන්නා, රම්බා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දීය තරු සහභාගී වූ සිකුරාදා රාත්‍රියේ යාපනයේ පැවති මෙගා සංදර්ශනයකට නොසන්සුන්කාරී රසිකයින්ගේ බාධා කිරීම් හේතුවෙන් ප්‍රසංගය අනපේක්ෂිත ලෙස අතරමැද නතර කිරීමටත් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට හා තවත් පිරිසක් රෝහල් ගත කිරීමටත් සිදුවී තිබේ.

    ඉන්දියාවේ ප්‍රසිද්ධ කොලිවුඩ් නළුනිළියන් රැසක් සහභාගී වීම හේතුවෙන් යාපනයේ සිනමා ලෝලීන් අතිවිශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.

    ඇතැම් පිරිස් වෙනුවෙන් ප්‍රවේශපත්‍ර නොලැබීම හේතුවෙන් විවිධ වූ අට්ටාලයන් හා ගස් මතටද නැග සංගීත ප්‍රසංගය නැරඹීමට සිදු විය.

    එම ස්ථානයේ යොදවා තිබූ පොලිස් බාධකයන් ප්‍රේක්ෂකයින් විසින් කඩාගෙන ප්‍රසංගයේ රංගන ශිල්පීන්ට අවදානමක් ඇති වන පරිදි වේදිකාවට සමීප වීම හේතුවෙන් එය පාලනය කිරීමට පොලීසියට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුවිය.

    ආවේගශීලීව හැසිරුණු පිරිස් හේතුවෙන් ප්‍රසංගය බොහෝ වේලාවක් තාවකාලිකව නතර කරන ලද අතර පොලිසිය එතැන නොසන්සුන් ලෙස හැසිරිරුණු 6දෙනකු පමණ අත්අඩංගුවට ගෙන තිබුණි.

    රම්බා ඇතුළු සංවිධායකවරු ඇතුළු කිහිප දෙනෙක් වේදිකාවට ගොඩ වී සිටි රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටියේ වේදිකාවෙන් ඉවත් වන ලෙසයි.

    තවත් කිහිප දෙනෙක් වීඩියෝ කැමරාකරණය වෙනුවෙන් ඉදිකර ඇති වේදිකාවලට නැඟී සිටින අතර, එම උපකරණ පවා ඉවත් කිරීමට කාර්ය මණ්ඩලයට සිදුවී ඇත.

    යාපනයේ ජනාකීර්ණ එළිමහන් පරිශ්‍රයක සිදුවූ මෙම සිද්ධියෙන් තෙරපීම නිසා ක්ලාන්ත වූ සහ තුවාල ලැබූ 5 දෙනකු පමණ යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img