Home උණුසුම් පුවත් දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරු මගියෙකුට පහරදීලා

දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරු මගියෙකුට පහරදීලා

0
දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරු මගියෙකුට පහරදීලා

දුම්රිය මගියෙකුට පහරදීමක් සම්බන්ධයෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරු දෙදෙනෙකුව ගම්පහ පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පහ බුලත්කඩේ හන්දියේ පදිංචි පුද්ගලයෙකුට මෙසේ පහරදී ඇති බව පොලීසිය කියයි.

එම පුද්ගලයා සතුව වලංගු දුම්රිය ප්‍රවේශපත්‍රයක් තිබියදීත් එහි වලංගු භාවය පිළිබද ප්‍රශ්න කරමින් ඇතිවුණු ආරවුලකදී දුම්රිය පරීක්ෂකවරුන් දෙදෙනා පහරදීම කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගත් දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරු දෙදෙනා ගම්පහ සහ වේයන්ගොඩ පදිංචිකරුවන් දෙදෙනෙකි.

Photo – File Photo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here