තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෙහෙළිය ඇමතිකමින් ඉල්ලා අස්වෙයි

    කෙහෙළිය ඇමතිකමින් ඉල්ලා අස්වෙයි

    අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යවා ඇතැයි වාර්තා වේ.

    ‘ඉමියුනෝග්ලෝබින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ චෝදනාවට කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කොට සිටී.

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන මෙම ඖෂධයේ බාල ඖෂධයක් ගෙන්වූ බවට මෙලෙස චෝදනා එල්ල වී ඇත.

    ඒ පිළිබඳ විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කාමන්ත තුෂාර මහතා ඇතුළු පිරිසක් කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ඖෂධ සමාගම් හිමිකරු අත්අඩංගුවට ගැනිණ.

    මෙම සිද්ධිය වූ වකවානුවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සෞඛ්‍ය ඇමතිකමට එරෙහිව සමගි ජනබලවේගය විසින් පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන ආ නමුත් එහිදී අමාත්‍යවරයා ජයග්‍රහණය කළේ විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජය වෙමිනි.

    කෙසේවෙතත් මාසයකට පමණ පසුව සෞඛ්‍ය ඇමතිකමෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉවත් කොට පරිසර ඇමති ධුරය පිරිනමන ලදී.

    පසුගිය දිනවල සමගි ජනබලවේගය යළි ප්‍රකාශ කළේ ඔහුගේ පරිසර ඇමතිකමට එරෙහිව ද විශ්වාසභංගයක් ගෙන එන බවයි.

    කැබිනට් ඇමතිවරයකුව සිටියදී අපරාධ චෝදනා ලබමින් බන්ධනාගාරගතව සිටීම ප්‍රශ්න කරමින් විවිධ පාර්ශ්වවලින් ඔහු කැබිනට් ධුරයෙන් ඉවත් කරන ලෙස දිගින් දිගටම රජයට බලපෑම් කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img