තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්රහස් පොලිස් වෙස්ගෙන හොර නොට්ටු බෙදමින් සිටි දෙන්නෙක් අල්ලයි

    රහස් පොලිස් වෙස්ගෙන හොර නොට්ටු බෙදමින් සිටි දෙන්නෙක් අල්ලයි

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ මුදල් මුද්‍රණයකර බෙදා හැරීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙක් ව්‍යාජ ලෙස මුද්‍රණය කළ මුදල් නෝට්ටු තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශශන ඒකකය සමත්ව ඇත.

    සංචරණ නීති දැඩිව රටතුළ ක්‍රියාත්මකකව තිබියදී මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (24) ගම්පහ ගල්පොත්ත හන්දියේ රැදී සිට ඇත. ඒ ගැන පොලීසියට ඇතිවූ සැකයක් මත ප්‍රශ්න කිරීමේදී මෙම ඡාවාරම ගැන තොරතුරුහෙළිවී තිබේ.

    එම අවස්ථාවේදී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 07 ක් ඔවුන් සතුව තිබී පොලීසිය සොයාගෙන ඇත. මෙම සැකකරුවන් අතර කැලණිය පෙතියාගොඩ පදිංචි 200 හැවරදි තරුණයෙක්ද සිටින බව පොලීසිය කියයි. අනෙත් සැකකරු මීතොටමුල්ලේ පදිංචි 44 හැවරදි අයෙකි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටීම සදහා යොදාගත් ව්‍යාජ හැදුනුම්පත් දෙකක්ද පොලීසිය ඔවුන් සතුව තිබී සොයාගෙන ඇත.

    සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් තාවකාලිකව ලැගුම්ගෙන සිටි සීදූව අම්බලන්මුල්ල ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක්ද පොලිස් පරීක්ෂාවට ලක්ව තිබේ. ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර ඇත්තේ එම නිවසේ සිට බව හෙළිවී ඇත.

    රුපියල් 5,000 සේ ව්‍යාජ නෝට්ටු 04 ක්, රුපියල් 1,000 සේ ව්‍යාජ නෝට්ටු 133 ක්, රුපියල් 100 යේ ව්‍යාජ නෝට්ටු 71 ක් සහ රුපියල් 50 හේ ව්‍යාජ නෝට්ටු 747 ක් එහි තිබී සොයාගත් බව පොලීසිය කියයි. එම නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් ලැප්ටොප් පරිගණක දෙකක්, ස්කෑනරයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් සහ නෝට්ටු මුද්‍රණයට යොදාගන්නා කඩදාසි තොගයක්ද පොලීසිය සෙසායාගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img