මෙරට තුළ කංසා වගා කිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට කැබිනට් අනුමැතිය අද (5) හිමිවිය.
සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ යෝජනාවක් අනුව මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
දේශය නගා සිටුවීමේ පරම පවිත්‍ර අධිෂ්ඨානයෙන් ඉදිරිපත් කළ එම පනතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම ගැන තමා ඉමහත් සතුටට පත්වන බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
ඖෂධීය ශාකයක් ලෙස ආයුර්වේද පනතින් 1964 දී ශ්‍රී ලංකාව ඇතුළු ආයුර්වේද ක්ෂේත්‍රයට ප්‍රමාණවත් ලෙස වගාකිරීමට ආයුර්වේද කොමසාරිස්වරයාට නෛතික බලය දී තිබුණද එමගින් විදේශීය ආයෝජන ලබා ගැනීමට සහ ඩොලර් ඉපයීමට කිසිම උපක්‍රමයක් නොතිබූ බව ගමගේ මහත්මිය පැවසුවාය.