තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරියේදී රටේ විශාල පෙරළියක් -දැනටමත් වැඩ පටන් අරන්

    ඉදිරියේදී රටේ විශාල පෙරළියක් -දැනටමත් වැඩ පටන් අරන්

    ඉදිරියේ දී මෙරට තුළ විශාල පෙරළියක් සිදුකිරීමට සලසුම් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    මේ වනවිටත් ඊට අදාළ වැඩකටයුතු සිදුවෙමින් පවතින බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    “එදාට වඩා හොඳ වෙනසක් රටේ වෙන බව ඔබටත් පේනවා ඇති” යනුවෙන් ද අමාත්‍යවරයා කියාසිටියේ එම අමාත්‍යාංශය මගින් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ ඊයේ (01) සංවිධානය කළ ‘ජයගමු ශ්‍රී ලංකා’ ජංගම සේවා වැඩසටහනට සමගාමීව පැවති ශ්‍රම වාසනා අරමුදල මගින් සංවිධානය කළ පාසැල් උපකරණ බෙදාදීමේ උත්සවය අමතමිනි.

    වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    “අපිට ඕනි මේ රට මේ විදියටම ඉස්සරහට ගෙනිහින් මිනිස්සු ටික දිනවන්න. මේ අම්මල තාත්තලට කියන්නේ මේ දරුවෝ ටික හොඳින් බලාගන්න. ඔබට වඩා හොඳ කාලයක් දරුවන්ට උදාකර දෙන්න අපි කටයුතු කරනවා. ඉදිරියේ දී මේ රටේ ලොකු පෙරළියක් කරන්න අපි සලසුම් කරලා තියනවා. මේ වන විටත් ඒ වැඩ ටික සිද්ද වෙනවා. එදාට වඩා හොඳ වෙනසක් රටේ වෙන බව ඔබටත් පේනවා ඇති.

    අපිට ඉලක්කයක් තියනවා. එතනට නිකං යන්න බෑ. අපි රටක් හැටියට එක්විය යුතුයි. අපිට පක්ෂ, පාට අවශ්‍ය නෑ. අපිට අවශ්‍ය මේ රටේ ඉන්න මිනිස්සු දිනවන්නයි.

    ශ්‍රම වාසනා අරමුදල තියෙන්නෙ ශ්‍රමිකයන්ගේ දරුවන්ටයි. මේ අර මුදලින් වෙනදාට ඡන්ද ගන්න ටකරන් තහඩු, වැසිකිළි කටවල් බෙදලා තියනවා. එහෙම ඉතිහසයක් අපි වෙනස් කරලා තියනවා. ඒ කියන්නේ අපි සිස්ටම් එක චේන්ජ් කරන්න පටන් අරන් තියනවා.

    අද මේ අරමුදල් වෙන්වන්නේ ශ්‍රමික ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. තරුණ තරුණියන්ට අපි වෘත්තීය පුහුණුවක් ලබාදෙනවා. ජනාධිපතිතුමා ඒ වැඩ ටික සේරම කරන්නේ මේ දරුවෝ ටික ගොඩනගන්න අවශ්‍ය නිසයි. මේ ගමන අපි ඉස්සරහට එකට අත්වැල් බැඳගෙන යමු කියලා මේ අම්මල තාත්තලාට මම ආරාධනා කරනවා.” යැයි ද අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img