මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පසුගිය දා සම්මත කරගත් පනත ගැසට් කර තිබේ.
මේ අනුව අන්තර්ජාලය, සමාජ ජාලා පරිහරණයේදී මෙම නව නීති පිළිබඳ ජනතාව දැනුවත්භාවයකින් යුතුව භාවිතා කළ යුතු වේ.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීමටත්, ඔන්ලයින් සිදුකරනු ලබන තහනම් ප්‍රකාශවලින් ආරක්ෂාව සැලසීමටත්, තහනම් කාර්ය සඳහා ඔන්ලයින් ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් (Fake online Accounts) භාවිත කිරීම වැළැක්වීම සඳහාත් මෙම පනතේ නීති සම්පාදනය කර ඇත.
ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනා ගැනීම සඳහා සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද, තහනම් ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබා දීම මැඩපැවැත්වීම සඳහා ද ඒ හා සම්බන්ධ හෝ ඊට වෙනත් කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද මේ පනත සකස් කර ඇත.
මෙරට තුළ පමණක් නොව ශ්‍රී ලංකාවෙන් පිටත සිටිය දී යම් තැනැත්තකු විසින් මේ පනත යටතේ වූ වරදක්, ශ්‍රී ලංකාවේ පුරවැසියකු සම්බන්ධයෙන් සිදු කරනු ලබන අවස්ථාවක දී මෙම පනතට යටත් වේ.
මේ පනත යටතේ වූ වරදක් සිදු කිරීම මගින්, රජයට හෝ ශ්‍රී ලංකාවේ පදිංචි තැනැත්තකුට අලාභයක්, හානියක් හෝ පීඩාවක් ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සිදු කරනු ලබන අවස්ථාවක දී අදාළ වේ.
මේ පනත යටතේ වූ වරදක්, කවර ස්ථානයක දී සිදු කරනු ලැබුව ද, එය ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන තැනැත්තකු විසින් සිදු කරනු ලබන අවස්ථාවක දී මෙම පනත බලාත්මක ය.
පහතින් දැක්වෙන්නේ එම පනත ය.
09-2024_S