Home උණුසුම් පුවත් ගෑස් මිල ගැන තීන්දුව

ගෑස් මිල ගැන තීන්දුව

ගෑස් මිල ගැන තීන්දුව

ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරවල මිල පෙබරවාරි මාසයේදී සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම තීරණය කර තිබේ.

ජනතාව මුහුණ දෙන මූල්‍ය දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව අද (පෙබ.02) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා කීය.

ජාත්‍යන්තර වෙළඳපොලේ මිල ඉහළ යාමට සමගාමීව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිල ඉහල නැංවිය යුතු වේ.

එහෙත් ගාස්තු සංශෝධනය නොකිරීමෙන් සිදුවන පාඩුවේ වැඩි කොටසක් සමාගම දැරීමට තීරණය කළ බව පීරිස් මහතා පැවසීය.

ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද මිල ඉහළ දැමීමෙන් පසුව, ලිට්‍රෝ ගෑස් මිල තවදුරටත් පහත මිල ගණන් යටතේ පවතී.

12.5kg සිලින්ඩරය – රු. 4,250 කි
5kg සිලින්ඩරයක් – රු. 1,707
2.3 kg සිලින්ඩරය – රු. 795

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here