තවත්
    මුල් පිටුවspecial'අමෙරිකාවේ අලුත් ජනපති කවුරු වුණත් කමක් නෑ.. අපිත් එක්ක හොඳින් හිටියොත් ඇති'-චීනය

    ‘අමෙරිකාවේ අලුත් ජනපති කවුරු වුණත් කමක් නෑ.. අපිත් එක්ක හොඳින් හිටියොත් ඇති’-චීනය

    ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස කවුරුන් තේරී පත්වුවද තම රට සමග එක්ව, එකම දිශාවකට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසයි.

    චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (31) පැවති මාධ්‍ය හමුවේ දී ඇමරිකාවේ මහ මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

    ඇමරිකාවේ මහ මැතිවරණය එරට අභ්‍යන්තර කටයුත්තකි. වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ මූලධර්මය ගරු කරන චීනය ඊට මැදිහත් නොවන බව ද හෙතෙම පැවසීය.

    ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස කවරෙකු තේරී පත්වුවද චීනය සමග එකම දිශාවකට ගමන් කරමින්, අන්‍යෝන්‍ය ගෞරවය සහිත සහයෝගීතා ඔස්සේ පොදු ජයග්‍රහණ දිනාගැනීමේ මූලධර්මය අනුව ක්‍රියාකරනු ඇතැයි යන්න චීනයේ අපේක්ෂාවයි.

    චීන – ඇමරිකා සබඳතාව තිරසර දිශාවක් කරා මෙහෙයවීමට චීනය අපේක්ෂා කරන බවද හෙතෙම අවධාරණය කළේය. එමෙන්ම ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධන ජයග්‍රහණ චීනය සහතික කරන බව ද වං වෙන්බින් මහතා පැවසීය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img