Home උණුසුම් පුවත් කතරගමදී වෑන් රථයක් මාරක අනතුරක -අයෙක් මරුට -6ක් රෝහලේ

කතරගමදී වෑන් රථයක් මාරක අනතුරක -අයෙක් මරුට -6ක් රෝහලේ

0
කතරගමදී වෑන් රථයක් මාරක අනතුරක -අයෙක් මරුට -6ක් රෝහලේ

කතරගම සෙල්ලකතරගම මාර්ගයේ පස්සරයාය හන්දිය අසලදී සිදුවූ රිය අනතුරකින් එක් අයෙක් මියගොස් 06 දෙනෙක් තුවාල ලබා රෝහල්ගතකර ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ අද(28) රාත්‍රී කාලයේදීය.

සෙල්ලකතරගම දෙස සිට කතරගම දෙසට ධාවනය වෙමින් තිබුණු වෑන් රථයක් මාර්ගයේ නවතා තිබුණු යතුරු පැදියක, ගස් දෙකක හා බූම් ට්‍රක් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇතැයි කතරගම පොලීසිය සඳහන් කළේය.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ කතරගම පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

තුවාලකරුවන් කතරගම රෝහලට ඇතුලත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here