Home උණුසුම් පුවත් බෙලිඅත්තේ පහකට වෙඩි තැබූ ගිනිඅවි ප්‍රවාහනය කළ අයෙක් කොටු

බෙලිඅත්තේ පහකට වෙඩි තැබූ ගිනිඅවි ප්‍රවාහනය කළ අයෙක් කොටු

0
බෙලිඅත්තේ පහකට වෙඩි තැබූ ගිනිඅවි ප්‍රවාහනය කළ අයෙක් කොටු

අපේ ජනබල පක්ෂයේ නායක සමන් රත්නායක මහතා ඇතුළු පස් දෙනෙකු බෙලිඅත්තේදී වෙඩි තබා මරා දැමීමට යොදාගත් ටී 56 ගිනි අවි දෙක සැඟවීමට රැගෙන ගිය පුද්ගලයාව හදුනාගත් හක්මන පොලීසිය ඔහුව දොඩන්දූවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රත්ගම පදිංචිකරුවෙක් වන 34 හැවිරිදි මෙම සැකකරු ගිනි අවි 02 ප්‍රවාහනය කිරීමට යොදාගත් යතුරු පැදියද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

සමන් පෙරේරා ඇතුළු 05 දෙනා මරා දැමීමෙන් පසු වෙඩික්කරුවන් දෙදෙනා කඹුරුපිටියෙන් සහ අකුරැස්සෙන් බැස ගොස් තිබුණි. වෙඩික්කරුවන් මෙම ප්‍රහාරයට ගමන්කළ ජිප් රථය පැදවූ පුද්ගලයා එදින මෙම ප්‍රහාරය මෙරට සිට මෙහෙයවන ලද පුද්ගලයා වූ සමන් කුමාර පදිංචිව සිටි අකුරුස්සේ පිහිටි නිවසට ගොස් රාත්‍රී කාලයේ පිටත්ව ගොස් ඇති බව සඳහන්ය. ඒ ජිප් රථය ගාල්ලේ රථ ගාලක නතර කිරීමට රැගෙන යන අවස්ථාවේදී එහි නැගීය.

විමර්ශන වලින් හෙළිවී ඇති ආකාරයට අනුව ගිනි අවි දෙක 23 වෙනිදා වනතුරුම තිබී ඇත්තේ සමන් කුමාරගේ අකුරැස්සේ පිහිටි නිවසේය. ඩුබායි සිට බූස්සේ හර්ෂ විසින් ලබාදුන් උපදෙස්වලට අනුව සමන් කුමාර 23 වෙනිදා උදෑසන 6.30 පමණ වන විට ගිනි අවි දෙක ඔහුට අයත් යතුරු පැදියේ තබාගෙන අකුරැස්සට ගෙන ගොස් තිබේ. එහිදී එම අවි දෙක තවත් යතුරු පැදියකින් පැමිණි අයෙකුට ලබාදී ඇත්තේ හර්ෂ ලබාදුන් උපදෙස්වලට අනුවය.

දොඩන්දූවේදී අත්අඩංගුවට ගත් රත්ගම පදිංචි සැකකරු එම අවි දෙක එදා අකුරැස්සේදී සමන් කුමාරගෙන් ලබාගෙන කරාපිටිය දක්වා රැගෙන විත් වෙනත් පුද්ගලයෙකුට ලබාදී ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

මෙම පුද්ගලයාට ඩුබායි සිට දුරකථන ඇමතුම් ලද ජංගම දුරකථනයද ඇතුළුව දුරකථන දෙකක්ද පොලීසිය සිය භාරයට ගෙන ඇති අතර ඔහුව බෙලිඅත්ත පොලිස් ස්ථානයේ රදවාගෙන විමර්ශන පැවැත්වෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here