Home උණුසුම් පුවත් ඉන්දු-ලංකා මගී ප්‍රවාහන බෝට්ටු සේවාව යළිත්

ඉන්දු-ලංකා මගී ප්‍රවාහන බෝට්ටු සේවාව යළිත්

ඉන්දු-ලංකා මගී ප්‍රවාහන බෝට්ටු සේවාව යළිත්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව, ලබන 15 වැනිදා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ සඳහා ඉන්දීය රජයේ අවසරය ද හිමිව ඇති බවයි.

කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගපට්ටම් දක්වා එම බෝට්ටු සේවය ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය සියවස් ගණනාවක් ඈතට දිව යන්නකි.

එහෙත්, රට තුළ පැවති තත්ත්වය හේතුවෙන් දශක හතරක්, එම මගී ප්‍රවාහන යාත්‍රා සේවය නතර වී තිබිණි.

මේ හරහා අඩු වියදමකින් ඉන්දියාව බලා ගමන් කිරීමට හැකියාවක් ලැබෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here