තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ඉතිහාසය වෙනස් කළ යුද්ධ හමුදාපතිගේ ගුවන් පිම්ම (📹)

    ඉතිහාසය වෙනස් කළ යුද්ධ හමුදාපතිගේ ගුවන් පිම්ම (📹)

    මෙරට පැරෂුට් ඉතිහාසයට නව පරිඡ්චේදයක් එක්කරමින් යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ ඓතිහාසික පිම්මක් පනිමින් පැරෂුට් හමුදා භටයකු ලෙස සිය අභීත බව විදහා දැක්වීමට පසුගියදා (22) සමත් වී තිබේ.

    ඌව කුඩා ඔය කොමාන්ඩෝ පුහුණු පාසලේ පැරෂුට් පුහුණු අංශය තුලදී සිදුකල පැරෂුට් පැනීම සදහා අවශ්‍ය මුලික ශිල්පයන් ප්‍රගුණ කිරිමෙන් අනතුරුව උහන ගුවන් හමුදා කඳවුරෙහි පැරෂුට් පතිත කලාපයේදී ඔහු එම පිම්ම සිදුකරන ලද්දේ මාලදිවයින් නිලධාරීන් තිදෙනෙක් හා සෙබලු 15 දෙනෙක්, යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති ඇතුළු කොමාන්ඩෝ සෙබලු 13 දෙනෙක් ද සමගිනි.

    යුද්ධ හමුදාව තුළ පැරෂුට් පැනීම් කොතෙකුත් සිදුවුවද, මෙම අවස්තාව සටහන් වනුයේ ‌ ඓතිහාසික වූත් අසමසමවූත් එකක් ලෙසය. විශේෂයෙන්ම ප්‍රථම වතාවට යුද්ධ හමුදාපතිවරයකු ලෙසද, යුද්ධ හමුදාව තුල වයසින් ජ්‍යෙෂ්ඨතම නිලධාරීයා ලෙසද, එම දුෂ්කර පුහුණුවද සාර්ථකව සිදුකර ඔහු මෙම පැරෂුට් පැනීමට එක්වීම ඉතිහාසගත ක්‍රියාවකි. එසේම එය මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේ පවා එවන් හපන්කමක් සිදුකල ප්‍රථම හා එකම අවස්ථාව වීමටද, බොහෝ සෙයින් ඉඩ ඇත.

    යුද්ධ හමුදාපති මෙම සුවිශේෂි පිම්ම හරහා සිය නිර්භීත බවත් වයස හො තනතුර නොසලකා ඉලක්ක ජය ගැනීමට ඇති කැපවීමත් මනාව ප්‍රකට කළේය. ඒ හරහා ඔහු යුද්ධ හමුදාවේ වත්මන් තරුණ පරපුරටද ඔහු ලබා දී ඇති ආදර්ශය අතිමහත්ය. එදා මෙදා තුර ගුවන ජයගත් අසහාය පැරෂුට් භටයින්ගේ නාමාවලියට මෙතැන්පටන් වත්මන් යුද්ධ හමුදාපතිගේ නාමයද එකතු වන්නේ එය තවත් එක් පැරෂුට් පැනීමක් ලෙස නොව එම ක්ෂේත්‍රයේ යෝධ සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img