Home උණුසුම් පුවත් IMF නිලධාරීන් විදුලි ගාස්තු ගැනත් සොයයි

IMF නිලධාරීන් විදුලි ගාස්තු ගැනත් සොයයි

IMF නිලධාරීන් විදුලි ගාස්තු ගැනත් සොයයි

මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා ජ්යෙෂ්ඨ දූත මණ්ඩල ප්රධානී පීටර් බෲවර් ඇතුළු පිරිස මෙරට විදුලිබල හා බලශක්තිය සම්බන්ධ බදු සංශෝධන පිළිබඳ මෙරට නිලධාරීන් සමඟ සාකච්ඡා කර තිබේ.

ඒ ඊයේ එම දූත මණ්ඩලය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී ය.

මේ සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ද සහභාගි වී ඇත.

විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රවල රජය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ, පිරිවැය පරාවර්තක ඉන්ධන මිල සූත්‍ර සහ විදුලි ගාස්තු, තීරුබදු සංශෝධන, අධිකරණ වෛද්‍ය විගණන, ශේෂ පත්‍ර, බදුවලින් ඇතිවන බලපෑම සහ ආංශික ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here