fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සරසවි අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනයක්

    සරසවි අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනයක්

    දිවයින පුරා රාජයේ විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් අද (18) පෙරවරුවේ එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

    ඒ ආචාර්යවරුන්ගේ දීමනා වැඩිකිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමිනි.

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා ලබා දෙන අධ්‍යයන දීමනාව 25% කින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මේ මස මුලදී අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබුණි.

    මෙම දීමනාව ඔවුන්ගේ ජනවාරි මස වැටුපට ඇතුළත් කිරීමට තීරණය විය.

    අදාළ කැබිනට් තීරණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව දෝෂාරෝපණය කරන්නේ ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකිරීම, අනධ්‍යන කාර්ය මණ්ඩලවල නොසන්සුන්තාවක් ඇති කර ඇති බවය.

    “අපි [බලධාරීන්ගෙන්] ඉල්ලා සිටින්නේ ඔවුන් විශ්වවිද්‍යාල අංශයේ වැටුප් වැඩි කිරීමට යන්නේ නම් පොදුවේ සියලු දෙනාගේ වැටුප් සහ දීමනා වැඩි කරන ලෙසයි. ආණ්ඩුව තමයි මේ ප්‍රශ්නය ඇති කරලා තියෙන්නේ.” යනුවෙන් කමිටු සාමාජිකයකු පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img