Home දේශීය පුවත් උණුසුම් පුවත් තෛපොංගල් දිනය අදයි

තෛපොංගල් දිනය අදයි

තෛපොංගල් දිනය අදයි

හින්දු බැතිමතුන්ගේ නව වසරේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය අද (15) සමරයි.

අස්වනු කපා වියළා ගන්නට උචිත යහපත් කාලගුණයක් සලසාදීම වෙනුවෙන් සූර්යයාට අස්වැන්නේ මුල් කොටස පිදීමටත්, ගව මහිෂාදී සත්ත්ව සමූහයා වෙත කෘතගුණ සැලකීමත් අරමුණු කරගෙන මෙම උත්සවය පැවැත්වේ.

‘තායි’ නම් දෙමළ මාසයේ පළමුවන දිනය හඳුන්වනු ලබන්නේ ‘ පොංගල් ‘ නමිනි.

පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ “උතුරා යාම නැතිනම් පිටාර ගැලීමයි”.

මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු ජනතාව සලකයි.

යාපනය, කරෙයිනගර්, අයියනායක කෝවිලේ අද (15) උදෑසන 10.00ට පැවැත්වෙන ජාතික සංහිඳියා තෛපොංගල් උත්සවය අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here