fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීක් වූ ප්‍රශ්න පත්‍රයේ විභාගය යළි තියෙන දිනය

    ලීක් වූ ප්‍රශ්න පත්‍රයේ විභාගය යළි තියෙන දිනය

    අ.පො.ස. උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය නැවත පැවත්වීමේ විශේෂ විභාගය එලඹෙන පෙබරවාරි පළමුවැනිදා පෙරවරු 8.30 සිට 11.40 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    විභාග දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරන ලද ඉකුත් 10 දා පෙරවරුවේ පැවත්වූ කෘෂි විද්‍යාව දෙවන පත්‍රය වෙනුවට නව ප්‍රශ්න පත්‍රයක් ලබා දීම වෙනුවෙන් මෙම විශේෂ විභාග අවස්ථාව පැවත්වේ.

    ඒ අනුව මෙම මස 31 දිනට අවසන් වීමට නියමිතව තිබූ 2023(2024) උසස් පෙළ විභාගය පෙබරවාරි 01 දායින් අවසන්වන අතර සියලු විභාග මධ්‍යස්තාන එදිනද සාමාන්‍ය පරිදි පැවත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.