Home දේශීය පුවත් ලෝකෙත් නැති ව්‍යාපාර පෙන්වා මුදල් ගරමින් සිටි නයිජීරියානුවා මෙරට පෙම්වතිය සමඟ කොටු

ලෝකෙත් නැති ව්‍යාපාර පෙන්වා මුදල් ගරමින් සිටි නයිජීරියානුවා මෙරට පෙම්වතිය සමඟ කොටු

0
ලෝකෙත් නැති ව්‍යාපාර පෙන්වා මුදල් ගරමින්  සිටි නයිජීරියානුවා මෙරට පෙම්වතිය සමඟ කොටු

ඉහළ ලාභාංශ ලැබෙන ව්‍යාපාරයක් සඳහා මුදල් ආයෝජනය කරන ලෙස රටපුරා සිටින ව්‍යාපාරිකයින් පොළඹවමින් විශාල වශයෙක් එම ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන සැඟවී සිටි නයිජීරියානුවෙක් සහ ඔහුගේ මෙරට පෙම්වතිය මීගමුවේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක රැදී සිටියදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නයිජීරියානුවාට රැවටී රුපියල් ලක්ෂ 84ක මුදලක් අහිමිකරගත් ව්‍යාපාරිකයෙකු කොළඹ අපරාධ කොට්ඨාශයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.

මෙම වංචාව සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයට එම පැමිණිල්ල ලැබී ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු 17 වෙනිදාය.

ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨායේ නිලධාරීන් නයිජීරියානු ජාතිකයාත් ඔහුගේ පෙම්වතාත් අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව හලාවත පාරේ පිහිටි ප්‍රසිද්ධ නිවස සංකීර්ණයක පිහිටි නිවසක රැදී සිටියදීය.

30 හැවිිරිදි එම නයිජීරියානු ජාතිකයාගේ පෙම්වතිය මොරටුව කටුබැද්ද ආසිරි උයනේ පදිංචිකාරියකි. ඇය 26 හැවිරිදි කාන්තාවක් බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

නයිජීරියානු ජාතිකයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 483ක් ජංගම දුරකථන 06ක්, සිම්පත් 07ක් හමුවී ඇත. ඔහුගේ පෙම්වතා සතුව තිබී කේරල ගංජා ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 269ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here