Home උණුසුම් පුවත් හොර නෝට්ටුවකින් බඩුගන්න ආ තරුණයාට වෙළඳසැල් හිමිකාරිනිය කළ දේ..

හොර නෝට්ටුවකින් බඩුගන්න ආ තරුණයාට වෙළඳසැල් හිමිකාරිනිය කළ දේ..

0
හොර නෝට්ටුවකින් බඩුගන්න ආ තරුණයාට වෙළඳසැල් හිමිකාරිනිය කළ දේ..

ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 1000 නෝට්ටුවක් ලබාදී මාළිගාවත්තේ පිහිටි වෙළඳ සැලකින් භාණ්ඩ මිලදි ගැනිමට උත්සහ කළ තරුණයෙකුව එම වෙළඳසැලේ හිමිකාරිනිය විසින් අල්ලා මාලිගාවත්ත පොලීසියට ඊයේ (07) භාරදී තිබේ.

මරදාන මාලිගාකන්ද පාරේ පදිංචිකරුවෙක් වන 20 හැවිරිදි තරුණයෙකු මෙසේ පොලීසියට භාරදී ඇත.

එම තරුණයාගෙන් පොලීසිය කළ ප්‍රශ්න කිරීමේදී ඔහුට එම නෝට්ටුව ලබාදුන් අයෙක් ගැන තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව ඒ අනුව මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස මුද්‍රණයකළ රුපියල් 1000 නෝට්ටු 03ක් හමුවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here