තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"මේ ‍තෛපොංගල්වලින් පස්සේ රාජ්‍ය සේවකයාට ආර්ථික සහනයක්"

    “මේ ‍තෛපොංගල්වලින් පස්සේ රාජ්‍ය සේවකයාට ආර්ථික සහනයක්”

    මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොඳින් දන්නා බව හෙතෙම කියයි.

    රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ඉදිරි කාර්තු හතර තුළ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සියළු පියවර ගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    පසුගිය වසරේ සිදුකළ ආර්ථික ප්‍රතිසංස්කරණය නිසා ගෙවීමට තිබු සියලු බිල්පත් මේ වනවිට ගෙවා අවසන් කර ඇති බවද ජනාධිපතිවරයා සිහිපත් කර සිටටියේය.

    මෙම වසර අවසන් වන විට ආර්ථික වර්ධන වේගය 3% ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන අතර 2025 දී එය 5% ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (04) පැවති යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

    2025 වන විට අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම් සියල්ල සිදු කර අවසන් කරන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී උතුරු පළාත් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img