තවත්
    මුල් පිටුවCOVIDසජිත් සමඟ සම්බන්ධ වූ මන්ත්‍රීවරු නිරෝධායනයට - යළිත් PCR!

    සජිත් සමඟ සම්බන්ධ වූ මන්ත්‍රීවරු නිරෝධායනයට – යළිත් PCR!

    කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ පසුගිය සතිය පුරා සම්බන්ධ වූ සියලුම මන්ත්‍රීවරුන්ට පීසීආර් පරීක්ෂණවලට භාජනය වන ලෙස පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දන්වා තිබේ.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමීප සම්බන්ධතා පාර්ලිමේන්තුවේදී හදුනා ගැනීමේ කටයුතු මේ වන විට පාර්ලිමේන්තු නිලධාරීන් විසින් සිදු කරමින් සිටී.

    සජිත් ප්‍රේමදාසා ධනාත්මක බව පරීක්‍ෂා කළ විගස මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ස්වයං නිරෝධායනය සඳහා දැනුම් දී ඇති බව වාර්තා වේ.

    සජිත් ප්‍රේමදාස පසුගිය සතියේ දින තුනම පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි විය.

    පසුගිය 20 වනදා පෝට් සිටි පනත් කෙටුම්පතේ අවසාන ඡන්ද විමසීමේදීද ඔහු ඡන්දය ප්‍රකාශ කළේය.

    මේ අතර සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ විපක්ෂ නායකවරයා PCR පරීක්ෂණයෙන් ධනාත්මක බවට තහවුරු වූ පසුව තමා ස්වයං නිරෝධායනයකට ලක්ව ඇති බවයි.

    3 වන රැල්ලේ කෝවිඩ් ධනාත්මක බව පරීක්‍ෂා කළ 3 වන මන්ත්‍රීවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ය.

    පසුගිය සතියේ ශ්‍රී.ලං.නි.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේශ්වරම් සහ සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද covid ආසාදිතයන් බවට පත්වූහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img