ජපාන ගුවන් සේවයට අයත් මගී ගුවන්යානයක් ගිනි ජාලාවකින් වැසී පිපිරී යාමේ අනතුර පිළිබඳ පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතතින අතර, එහි සියලු මගීන් කිසිදු උපද්‍රවයකින් තොරව සාර්ථක ඉවත් කිරීම, නවීන ආරක්ෂක ප්‍රමිතීන් සහ එම ගුවන්සේවයටම අනන්‍ය වූ දැඩි ආරක්ෂණ සංස්කෘතිය නිසා සිදුවූ ආශ්චර්යයක් බව විශේෂඥයෝ පවසති.
ජපාන ගුවන් සේවයට අයත් එයාර්බස් ඒ 350 යානය, ටෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළේ ධාවන පථයේදී වෙරළාරක්ෂක ඩෑෂ් 8 ගුවන් යානයක ගැටීමෙන් ගිනිගෙන පුපුරාගියේය.
(පිපිරීම සිදුවූ අවස්ථාවේදීත් මගී ගුවන් යානයේ ඇතුළත දර්ශනයක් පහතින්. මෙහි සිටින සියලු දෙනා දිවි ගලවාගෙන ඇත.)
මෙම විශාල පිපිරීම සිදුවුවත් මගී යානයේ සියලුම මගීන් ඉවත් කර ගැනීමට අතිදක්ෂ ලෙස කටයුතු කළ ගුවන්යානයේ නියමුවන්ට සහ කාර්ය මණ්ඩලයට සහ ගුවන්තොටුපලේ ගලවාගැනීමේ සේවකයින්ට හැකිවිය. එම යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 379 දෙනාම අනතුරින් දිවි ගලවා ගත්හ.
නමුත් ඛේදජනක අයුරින් වෙරළාරක්ෂක ඩෑෂ් 8 ගුවන් යානය මුළුමනින්ම පිළිස්සී ගොස් තිබුණේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ 6 දෙනාගෙන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්කරමිනි.
එක්සත් රාජධානියේ ක්‍රැන්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ ආරක්‍ෂාව සහ අනතුරු විමර්ශන පිළිබඳ මහාචාර්ය ග්‍රැහැම් බ්‍රේත්වේට් පවසන්නේ “දර්ශනවල මා දුටු දෙයින්, සියලු දෙනා පිටතට පැමිණීම ගැන මම අතිශය පුදුමයටත් මගීන් හැමෝම පිටතට ඒම ගැන සහනයක්ටත් පත් වූණා. මෙතරම් දරුණු බලපෑමකට ලක්වුණත් ඊට ඔරොත්තු දෙන ගුවන් යානයක්. නමුත් එම ගුවන් සේවය ගැන මා දන්නා කරුණු අනුම නම්, ඔවුන් ආරක්ෂාව සහ කාර්ය මණ්ඩල පුහුණුව සඳහා දරන දැඩි උත්සාහය අනුව, ඔවුන් මෙතරම් හොඳ කාර්යයක් කිරීම එතරම් පුදුමයක් නෙවෙයි”.
වසර 40 කට පමණ පෙර සිදුවූ විනාශකාරී අනතුරක් ජපන් එයාර්ලයින්ස් මෙවැනි ආරක්ෂිත ගුවන් සේවයක් බවට පත් කිරීමට උපකාරී වූ බව ඔහු පවසයි.
1985 අගෝස්තු 12 වන දින, ටෝකියෝ සිට ඔසාකා බලා පියාසර කරන ලද JAL 123 ගුවන් යානය අනතුරට පත් වූ අතර, යානයේ සිටි 524 දෙනාගෙන් 520 ක් මිය ගියහ. එය මෙතෙක් ගුවන් ඉතිහාසයේ සිදුවූ මාරාන්තිකම තනි ගුවන් අනතුරයි.
එම අනතුර සිදුව තිබුණේ කලින් වූ සිදුවීමකින් පසුව ගුවන් සමාගමේ නොව, බෝයිං කාර්මික ශිල්පීන් විසින් යානයේ වලිගය කොටසේ දෝෂ සහිත අලුත්වැඩියාවකින් පසුවයි.
‘පැහැදිලිවම එහි බලපෑම ගුවන් සමාගමට දැඩි ලෙස බලපෑවා.’ ග්‍රැහැම් පවසයි.
“තමන්ගේ වරදකින් සිදුවූවක් නොවුණත්, ජපානය වැනි සංස්කෘතියක, ඔවුන් කණ්ඩායමක් ලෙස එම වගකීම භාරගත්තා. ඒ නැවත කිසි දිනෙක එවැනි දෙයක් සිදුනොවන බවට වගබලාගැනීමට අවශ්‍ය පියවරත් අරගනිමින්”
“එබැවින් යමක් වැරදී ගිය විට, ඔවුන් එය දකින්නේ ඔවුන්ට ඉගෙන ගත හැකි පාඩමක් වගෙයි. සෑම දෙයක්ම දියුණු වීමට අවස්ථාවක් වගෙයි”.
2005 දී, වසර 20 කට පෙර සිදුවූ එම අනතුර පිළිබඳ මතකයක් නොමැතිව බොහෝ සේවකයින් සමාගමට සම්බන්ධ වන බව වටහා ගත් ජපාන ගුවන් සේවය කළේ, ඔවුන්ගේ ආයතනික මූලස්ථානයේ ඉහත අනතුරෙහි සුන්බුන් කොටස් මෙන්ම කාර්ය මණ්ඩලයේ සහ මගීන්ගේ කථා ප්‍රදර්ශනය කරමින් ඉඩක් වෙන් කිරීමටයි.
“අපේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන අය ඉන්නවා ඔවුන් දන්නෑ වැරදීමක් වුණාම වෙන්නේ මොකක්ද කියලා. ආරක්ෂාව සඳහා කොපමණ උත්සාහයක් දරනවාද යන්න සෑම කෙනෙකුම තේරුම් ගත යුතුයි.” ග්‍රැහැම් පවසයි.
දශක 4කට ආසන්න කාලයක් ගතවී ඇතත්,එදා වූ කඩාවැටීම තවමත් ජපාන එයාර්ලයින්ස් සමාගමේ මානසිකත්වයට ප්‍රබල බලපෑමක් ඇති කරන බව ඔහු පවසයි.
“ඔවුන්ට සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි සහ සෑම දෙයක්ම නිසි ලෙස කරන ඉතා දැඩි සංස්කෘතියක් තිබෙනවා. මෙම සිද්ධියේ එක් හේතුවක් එයයි. ඒ පාඩම් නිසා මම හිතන්නේ කාර්ය මණ්ඩලය ඉතා හොඳින් ක්‍රියා කර ඇති බව පෙනේ. ” ඔහු පවසයි.





