තවත්
    මුල් පිටුවspecialවැඩිම බරක් එසවූ ශූරියගෙන් වාර්තා ත්‍රිත්වයක්

    වැඩිම බරක් එසවූ ශූරියගෙන් වාර්තා ත්‍රිත්වයක්

    ශ්‍රී ලංකාවේදී ක්‍රීඩිකාවක විසින් බර ඉසිලීමේ ඉසව්වකදී එසවූ වැඩිම බර ඔසවමින් නව වාර්තාවක් පිහිටුවීමට චතුරිකා ප්‍රියන්ති සමත් වී තිබේ.

    ඒ පොළොන්නරුවේ පැවැත්වෙන ජාතික බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී ඊයේ (28) පැවති තරගයේදී ය.

    එම තරගාවලියේදී කිලෝග්‍රෑම් 87 කාන්තා බර පන්තියෙන් තරග වැදුණු චතුරිකා ප්‍රියන්ති නව ශ්‍රී ලංකා වාර්තා 3ක් පිහිටුවූවාය.

    ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 90ක් එසවීම, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 113ක බර එසවීමට ඇය සමත් වූ අතර එය නව ශ්‍රී ලංකා වාර්තා ලෙස සටහන් විය.

    ඇය එසෙවූ කිලෝග්‍රෑම් 203ක සමස්ත බර ප්‍රමාණයද නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img