Home දේශීය පුවත් උණුසුම් පුවත් ගෑස් -ඉන්ධනවලට බද්දක් වැටී බද්දක් ඉවතට

ගෑස් -ඉන්ධනවලට බද්දක් වැටී බද්දක් ඉවතට

ගෑස් -ඉන්ධනවලට බද්දක් වැටී බද්දක් ඉවතට

ලබන වසරේ ජනවාරි මාසයේ සිට ඉන්ධන සහ එල්.පී. ගෑස් මිල කෙරෙහි බලපාන වෙනස්කම් මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

2024 ජනවාරි 01 දින සිට 18%ක වැට් බදු ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඉන්ධන සහ LP ගෑස් මිල ඉහළ යනු ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

කෙසේවෙතත්, ඉන්ධන සහ LP ගෑස් සඳහා මෙ‍තෙක් පැවති වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බද්ද (PAL) ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ ජනවාරියේ සිට වැට් බද්ද ක්‍රියාත්මක වීමත් සමඟ ය.

මේ වනවිට වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) ඉන්ධන සඳහා 7.5%ක් ද LP ගෑස් සඳහා 2.5%ක් ද පවතී.

ඒ අනුව ජනවාරි 1 වැනිදා සිට 18% වැට් බද්ද ක්‍රියාත්මක වනවිට ගෑස් සහ ඉන්ධනවලින් වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) ඉවත් කෙරෙනු ඇත.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here