තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙර‍ටින් තුරන් කළ රෝගයක් යළි හිස ඔසවයි -එන්නත්කරණය ඇරඹේ

    මෙර‍ටින් තුරන් කළ රෝගයක් යළි හිස ඔසවයි -එන්නත්කරණය ඇරඹේ

    වසර 5ක් තිස්සේ මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස එසවිම නිසා එය මැඬලීම සඳහා අවශ්‍ය එන්නත්කරණය ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    පළමු අදියරේ දී එන්නත්කරණය සිදුකරනු ලබන්නේ රෝගය වැඩිවශයෙන් ව්‍යාප්ත වී ඇති පළාත් 09 තුළ පමණි.

    ශ්‍රී ලංකාව තුළ මේ වනවිට වැඩි වශයෙන් සරම්ප රෝගීන් වාර්තා වන්නේ, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ යන දිස්ත්‍රික්කවලයි.

    එම දිස්ත්‍රික්කවල මාස 06ත්, 15ත් අතර ළදරුවන්ට සරම්ප මැඩලන එන්නත් මාත්‍රාවක් ලබාදිමට නියමිතය.

    මෙම වැඩසටහන 2024 ජනවාරි මස 06 වන සෙනසුරාදා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මකයි.

    අදාළ දිස්ත්‍රික්කවල ජනතාවට ළඟම ඇති සායනයෙන් මෙම එන්නත් ලබාදීම සිදුකරයි.

    කොවිඩ්-19 වසංගතයට ලොව පුරා අවධානය යොමුවීම නිසා ප්‍රතිශක්තීකරණ ආවරණය අඩුවීම ගොලීයව දක්නට ලැබුණු කරුණකි.

    මේ හේතුවෙන් සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

    ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කරන ලද්දේ 2019 වසරේ දී යි.

    එසේම ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු බොහෝ රටවල ද මෙලෙස සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇත.

    කිසියම් අයෙකුට සරම්ප එන්නත් ලැබී නැතිනම් ඒ අය සඳහා ද සරම්ප එන්නත් ලබාදීම මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේය.

    ජනවාරි මාසයේ තුන්වන සතියේ ද මෙවැනි වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img