Home දේශීය පුවත් උණුසුම් පුවත් ජී.එල්. අතුළු 4ක් ඩලස්ගෙන් නිදහස්වී ටැලිෆෝනයට

ජී.එල්. අතුළු 4ක් ඩලස්ගෙන් නිදහස්වී ටැලිෆෝනයට

1
ජී.එල්. අතුළු 4ක් ඩලස්ගෙන් නිදහස්වී ටැලිෆෝනයට

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයනේ යුතු නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී.එල් පීරිස්, ඩිලාන් පෙරේරා,ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය චන්න ජයසුමන මන්ත්‍රීවරු නොබෝදිනකින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන සන්ධානය හා එක්වීමට නියමිතව ඇත.

නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් පසුගිය අඟහරුවාදා මෙම තීරණය සම්බන්ධයෙන් නාවල පිහිටි පක්ෂ කාර්යාලයේ දී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

කෙසේ වෙතත් පොහොට්ටුවේ ජාතික සම්මේලනයට පෙර දින මෙම තීරණය මාධ්‍යට විවර වූ අතර සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්නොවන කණ්ඩායම නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වනු ඇතැයි ද ආරංචි මාර්ග පැතිර ගියේය.

කෙසේ වෙතත් සමගි ජන සන්ධානය සමඟ එක්වීමට නම් සම්මුතිගතවීමක් අවශ්‍ය බවත්, කිසිදු කොන්දේසියක් නොමැතිව සජස සමඟ එක්වීම සිදු නොකළ යුතු බවත් නායක ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දී තිබේ.

මෙම සිවුදෙනා ද ඇතුළුව නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගණන දහතුනකි. 2022 සැප්තැම්බර් 02 වැනිදා නිදහස ජනතා සභාව ඇරඹිනි.

1 COMMENT

Leave a Reply to අරුණාචලම් Cancel reply

Please enter your comment!
Please enter your name here