Home දේශීය පුවත් උණුසුම් පුවත් පාස්ටර් ජෙරම් රිමාන්ඩ්

පාස්ටර් ජෙරම් රිමාන්ඩ්

පාස්ටර් ජෙරම් රිමාන්ඩ්

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගකට අනුවය.

දේව මෙහෙයන් පවත්වන අතරතුර දී බුදුරජාණන් වහන්සේට, ඉස්ලාම් ආගමට සහ හින්දු ආගමට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ල වූ දේවගැතිවරයාට එරෙහිව ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද ඔහු අත්අඩංගුවට ගැනුණි.

ඒ ඔහු මෙරටට පසුගිය දා පැමිණීමෙන් පසුව, පෙර නිකුත් කළ අධිකරණ නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද රහස් පොලීසිය වෙත දෙවන දිනටත් ගිය අවස්ථාවේදීය.

ඊයේ දිනයේදී ද ඔහුගෙන් පැය 8ක් ප්‍රශ්න කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here