තවත්
    මුල් පිටුවspecialඋම‍ඟ‍ේ හිරවුණු 41දෙනාම මුදාගනිති

    උම‍ඟ‍ේ හිරවුණු 41දෙනාම මුදාගනිති

    ඉන්දියාවේ උත්තරකාන්ද් හි සිල්ක්යාරා උමං මාර්ගයේ කොටසක් කඩා වැටීම හේතුවෙන් දින 17 ක් තිස්සේ සිරවී සිටි කම්කරුවන් 41 දෙනා සාර්ථකව මුදා ගැනීමට ඉන්දයීය සහන සේවකයින් සමත් වීීී ඇත.

    පසුගිය නොවැම්බර් 12 වැනිදා සිට මෙම කම්කරුවෝ උමග තුළ සිරවී සිටියහ.

    ඉන්දීය ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය මෙම කම්කරුවන්ගේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම භාරව කටයුතු කළේය.

    ඉදිකෙරෙමින් පවතින චාර්ධම් අධිවේගී මාර්ගයේ කොටසක මොවුන් සිරවී සිටි දින 17 පුරාවට කෑම,ජලය සහ ඔක්සිජන් මීටර් 53 ක් දිග බටයක් මාර්ගයෙන් දෙනු ලැබීය.

    එසේම වෛද්‍යවරුන් එම ස්ථානයේ රැඳී සිටිමින් ඔවුන්ට සන්සුන්ව සිටීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

    විශේෂ කරුණ නම් සිදුරේ අවසන් මීටර් 2 සහන සේවකයන් අතින් හාරා තිබීමයි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img