Home COVID රටම සති දෙකක් වසා දමන්න – වෛද්‍ය සංගම් 4ක් ඉල්ලයි

රටම සති දෙකක් වසා දමන්න – වෛද්‍ය සංගම් 4ක් ඉල්ලයි

රටම සති දෙකක් වසා දමන්න – වෛද්‍ය සංගම් 4ක් ඉල්ලයි

රටටම දින 14 ක දැඩි සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරයි.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා වෛද්‍ය අන්තර් විද්‍යාතන කමිටුව යන සංගම් සියල්ලම රජයෙන් මෙම ඉල්ලීම කර සිටී.

අන්තර් පළාත් සීමා ඇතුළු සීමා කිරීම් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ප්‍රමාණවත් නොවන බැවින් වහා එම පියවර ගන්නැයි එම සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

දිනකට ආසාදිතයන් 3000 ක් හඳුනාගත්තත් එවැනි ආසාදිතයන් තුන්ගුණයකටත් වඩා සමාජයේ සිටින බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කළාය.

මේ අවස්ථාවේ එකම විසඳුම එය බවත් ග්‍රාම නිලධාරී කොට්ඨාස හුදෙකලා කිරීම මඟින් මෙය පාලනය කළ හැකි බවට කිසිඳු විශ්වාසක් නොමැති බවද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය වැඩිදුරටත් එහිදී අවධාරණය කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here