Home උණුසුම් පුවත් ICC U-19 ක්‍රිකට් ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

ICC U-19 ක්‍රිකට් ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

ICC U-19 ක්‍රිකට් ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) අත්හිටුවීමේ කොන්දේසි අද රැස්වූ එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තහවුරු කර තිබේ.

එහිදී ශ්‍රී ලංකාවට පැනවූ කොන්දේසි වී ඇත්තේ දැනට පනවා ඇති ක්‍රිකට් තහනම යටතේ ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික ක්‍රිකට් සහ ICC යන දෙඅංශයෙන්ම ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩා කළ හැකි නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අරමුදල් සැපයීම ICC විසින් පාලනය කරනු ඇති බව ය.

ලබන ජනවාරි මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සුදානම් කර තිබු අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට ද ICC විධායක කමිටුව අද තීරණය කර ඇත.

නොවැම්බර් 10 වන දින ICCය විසින් එහි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ICCහි සාමාජිකයෙකු ලෙස එහි වගකීම් බරපතල ලෙස උල්ලංඝනය කරමින් සිටින බව අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

විශේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්හහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය, නියාමනය සහ/හෝ පරිපාලනය සඳහා රජයේ මැදිහත්වීමක් නොමැති බව සහතික කිරීමට අපෙපාහොසත් වූ බැවින් මෙම පියවර ගැනීමට ICCය තීරණය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here